• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ ජනපති හමු වෙති

28 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එමෙන්ම 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2023 අගෝස්තු මස 01වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ Saemangeum හි දී ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් හා නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට මෙහිදී සිය සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ 2048 වන විට ශ්‍රී ලංකාවද දකුණු කොරියාව වැනි දියුණු රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මෙම සංචාරයේ දී ලබන අත්දැකීම් රටේ අනාගතය වෙනුවෙන් ද දායක කර ගැනීමට සියලුදෙනා ක්‍රියා කළයුතු බවත්ය.

ආත්ම විශ්වාසයෙන් යුතු සහ අභියෝගවලට මුහුණදිය හැකි ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා එම පුහුණුව රටේ අනාගතය වෙනුවෙන් ඵලදායීව යොදාගන්නා ලෙස ද බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයක ඉලක්කය පසුගියදා සම්පූර්ණ කළ බවයි.

මෙහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ නායක, ජාත්‍යන්තර කොමසාරිස්, විශේෂඥ වෛද්‍ය රජීව් පීරිස් මහතා වෙත ජාතික ධජය පිරිනැමුණු අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, විධායක කමිටු සභාපති රත්නසිරි පෙරේරා යන මහත්වරු ඇතුළු සංගමයේ කොමසාරිස්වරු හා නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියහ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Post Views: 40
Previous Post

INSEE Cement පරිසර සංරක්ෂණයේ වැදගත්කම යළි අවධාරණය කරයි

Next Post

ඕනෑම මැතිවරණයට අපි සූදානම් – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

ඕනෑම මැතිවරණයට අපි සූදානම් - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved