• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ – ඇමැති බන්දුල

13 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ භාණ්ඩාගාරයේ පිච්චියක් නොමැති බවත් හම්බුවෙන මුදල් ටිකෙන් හැම මාසයේම රාජ්‍යය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට සිදුවන බව ප්‍රවාහන හා මහා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ සංවර්ධනය කරන ලද කිලෝ මීටර 48 ක් දුර තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 2422 ක මුදලක් වෙන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා “ විශේෂයෙන්ම චූටී මල්ලිලා තේරුම් ගත යුතු පරම සත්‍යයක් තියෙනවා, ලංකා ආණ්ඩුවට ඉතිහාසය පුරාම එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පියව ගන්නවත්, ආදායමක් ලබා ගන්න බෑ, ආණ්ඩුව කවුරු කළත්, මොනවා කියලා ආණ්ඩුව අරගත්තත්, ආණ්ඩුව ගත්ත කෙනාට ඒ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අනිවාර්යෙන්ම එදිනෙදා දැරිය යුතු වියදම් තියෙනවා.ඒ වියදම් වල ප්‍රධානම වියදම තමයි රාජ්‍යය සේවකයින්ට ගෙවන වැටුප් හා විශ්‍රාම වැටුප්. විදුහල්පතිතුමන්ට, ගුරු මණ්ඩලය, ග්‍රාම නිළධාරී මහත්තයාට, කෘෂි නිළධාරීන්ට, මේ සියල්ලන්ට ගෙවන වැටුප ගත්තම රුපියල් බීලයන 1000 ( රුපියල් ට්‍රිලියනයක්)කට වඩා වැඩි ප්‍රමාණයක්, බදු ගෙවන ජනතාවගෙන් එකතු කරන සල්ලි පාවිච්චි කරන්නේ රාජ්‍යය සේවකයන්ගේ වැටුප් ගෙවන්න සහ විශ්‍රාම වැටුප් ගෙවන්න.ඊළඟට ඒ එකතු වෙන බදු ආදායමෙන් සමෘද්ධි සහ අනෙකුත් ආධාර දීම සඳහා ඊළඟ කොටස වැය වෙනවා.ඊළඟට හැමදාම ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ණය අරගෙන, ගත්ත ණය වල පොලී ගෙවන්න ඔ්න හැම අවුරුද්දේම, ණය වාරික ගෙව්වේ නැතත් පොලී ගෙවන්න ඔ්න. ඒ පොලී ගෙවීම සඳහා මුදල් වැය වෙනවා.මේ වියදම් වර්ග 04 දරන්න ප්‍රමාණවත් ආදායමක් භාණ්ඩාගාරයට එන්නේ නෑ, රාජ්‍යය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්, සමෘද්ධිය ඇතුළු අනෙකුත් සහනාධාර,රාජ්‍යය ණය සඳහා ගෙවන පොලිය ගෙව්වම, මහජනයාගෙන් ලැබෙන බදු මුදල් ඉවරයි.

එතකොට බදු වලින් මොකද කරන්නේ කියලා ඇහුවට? බදු හොරකම් කරන්න බෑ, රාජ්‍යය සේවකයන්ට ගෙවන වැටුපෙන් හොරකම් කරන්න බෑනේ, ඒක රාජ්‍යය සේවකයාටනේ යන්නේ, ගත්ත ණය වලට බැංකු වලට ගෙවන පොලිය කාටවත් හොරකම් කරන්න බෑනේ, සමෘද්ධිය හොරකම් කරන්න බෑනේ, සහනාධාර හොරකම් කරන්න බෑ, භාණ්ඩාගාරය ඇතුලට එන මුදලින් කවුරු ආණ්ඩු කළත්, මේ ටික කරන්න ප්‍රමාණවත් මුදලක් නෑ,ඒ නිසා මේකට පාසලකට ගිහින් නිසි අධ්‍යාපනයක් ලබපු අය කියන්නේ රාජ්‍යය අය-වැයේ ජංගම ගිණුමේ හිඟයක් ඇති වෙනවා කියලා.මේක පාසලකට ගියේ නැති කෙනෙකුට තේරුම් ගන්න ටිකක් අමාරුයි.රාජ්‍යය අයවැයේ ජංගම ගිණුමේ හිඟය, වර්ථන ගිණුමේ හිඟයක් තියෙන කොට, ප්‍රාග්ධන වියදම් දරන්න බෑ, ප්‍රාග්ධන විදයම් කියන්නේ මංමාවත්,විදුලිය, ජල හා ජලප්‍රවාහන ක්‍රම ආදියයි.මේ වියදම් දැරීම සඳහා ලංකාවේ කවුරු ආණ්ඩු කළත්, මුදල් ඇමති කවුරු වුණත් ඉතිහාසය පුරාම දේශීය හා විදේශීය වශයෙන් ගන්න පුලුවන් උපරිම ණය ප්‍රමාණය ගත්තා.ඒ ණය දෙන කොට සහන ගුණයක් යටතේ ණය දෙන ආයතන තමයි මේ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මෙවැනි සංවිධාන හා විවිධ අරමුදල් තියෙනවා සහන ගුණයක් සහිතව ණය දෙන, බොහොම අඩු පොලී අනුපාතයක්, ගෙවන්න දීර්ඝ කාළයක් දෙනවා, ඒවා ඒ රට වල ජනතාවගේ බදු මුදලින් එකතු කර ගත්ත මුදල්, ඒ ටික ප්‍රමාණවත් නැති වුණා අපිට.
‍
විශේෂයෙන් මුහුදු වෙරලින් 2/3 ක්, මහ පොලොවෙන් 1/3 ක් වෙනම කඩලා ගන්න ප්‍රභාකරන්, දීර්ඝ කාලීන යුද්ධයක් පවත්වාගෙන යන කොට, ඒ යුද්ධයට මුහුණ දී රට බේරා ගැනීම සඳහා යුධ උපකරණ හා අනෙක් බොහෝ දෙවල් ආනයනය කරන්න අපි ණය ගත්තා.යුද්ධය ඉවර වුණාට පස්සේ උතුරු වසන්තය, නැගෙනහිර වසන්තය, ප්‍රභාකරන් අවුරුදු 30 ක් විනාශ කරපු සියලු දේ තිබුණටත් වඩා හොඳට හදන්න කෝටි ප්‍රකෝටි ගණන් ණය ගත්තා.අපිට ජාත්‍යන්තර සංවිධාන වලින් දෙන සල්ලි මදි වෙන කොට ආණ්ඩු විසින් ජාත්‍යන්තර වෙළඳපලට ගිහින් ස්වයීරීත්ව බැදුම්කර නිකුත් කරලා ණය ගත්තා.එහෙම බැදුම්කර හරහා ණය ගන්න කොට පසුගිය යහපාලන රජය පමණක් ඇමරිකාණු ඩොලර් බිලියන 12 කට වඩා වැඩියෙන් ණයට ගත්තා සංවර්ධන බැදුම්කර හරහා,මුළු ජාතියටම තියෙන විදේශ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 යි දැන්, අපි අවුරුදු 5 ට විතරක් ගත්තා බිලියන 12 ක් , අන්තිමට රට ඇතුලේ පසුගිය කාළය තුළ පාස්කු ප්‍රහාරය එල්ල වෙලා, සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටුණා, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඩොලර් රටට ලැබුණේ නෑ, ඊට පසුව කොවිඩ් -19 වසංගතය නිසා ලෝකයේ හැම තැනම රටවල් වැහුවා, අපේ වරයා, ගුවන්තොටුපල වැහුවා, කර්මාන්තශාලා- වැඩපළවල් වැහුවා, නිෂ්පාදන ක්‍රියාවලිය කඩා වැටිලා, ආර්ථිකය පස්සට ගියා,අර සුපුරුදු වීදිහට ගෙවාගෙන ආපු ණය ගෙවන්න බැරි වුණා.ආණ්ඩුව කිව්වා මෙතනින් එහාට ණය ගෙවන්න බෑ කියලා. මේ තත්වය යටතේ ණය ගෙවන්න බැරි නම් බංකොලොත් නම් වෙනත් ගෙවීම් කරන්න බැරි නම් අපිට රටට බඩු ගේන්න බෑ, ප්‍රමාණවත් විදේශ සංචිතයන් නැත්නම් ඛණිජ තෙල් නැව එනවා, නැවට ගෙවන්න සල්ලි නැත්නම් නැව හැරිලා යනවා.පොහොර නැව එනවා, ගෙවන්න ඩොලර් නැත්නම් පොහොර නැව හැරිලා යනවා.ගෑස් එනවා, සල්ලි ගෙවන්නේ නැත්නම් හැරිලා යනවා.ඒකට දේශපාලන උත්තරයක් නෑ, ආණ්ඩුකරන කෙනාට කියන්න බෑ ගණන්කාරයෙක් වගේ තෙල් ගෙනාවනම් බාලා යනවා, සල්ලි දෙන්නේ නෑ කියලා.එහෙම ගණන්කාරයන්ට රටවල් ගෙනියන්න බෑ, චන්ඩිකමට ගිහින් ඒ ආයතන වලට පැනලා එහෙම ලෝ‌කේ රටවල් දුවන්න බෑ.ලෝකේ තියෙන ක්‍රමවේදය අනුව යන්න නම්, අපිට මේ ගත්ත ණය ගෙවන තත්වයට පත් වෙන තෙක් කවුරුවත් ණය දෙන්නේ නෑ,

රට පුරාම අය කියනවා අයි.රෝඩ් ව්‍යාපෘතිය යටතේ හොඳට තිබුණ පාරත් කඩලා තියෙන්නේ කියලා.දැන් මනුස්සයෙකුට යන්න බෑ, අපිට මේක තේරෙනවා, අපි RDA එකේ සියලුම මහත්වරු අන්තිම අවම වශයෙන් මනුෂ්‍යන්ට යන්න පුලුවන් විදිහට පාරවල් යන්තම් පැච් කරන්න කොච්චර මුදලක් ඔ්නද? ඇමරිකානු ඩොලර් මිලියන 53 ක් ඔ්න, ලංකා රුපියල් බිලියන 20 ක් විතර ඔ්න, අපි ඒ ගමන ආසියානු සංවර්ධන අරමුදලට පෙන්නලා කිව්වා.මේ යන්නම බෑ, මොනම ආකාරයෙන්වත් හදන්න බැරි යන්තම් මේක තවත් කැඩෙන එක නතර කර ගන්න මුදල් දෙන්න කියලා.ඒ ගොල්ල කිව්වා දෙන්නම්, ගත්ත ණය ගෙවන එක ආපහු හදාගෙන ඉවර වුණාට පස්සේ තමයි දෙන්නේ.ඉතින් අපි ඔලුවෙන් හිටගෙන හිටියත්, අපි ඒ පාර ලඟට ගිහින් නිදා ගත්තත්, නොනිදා පහන් කළත්, ආසියානු සංවර්ධන බැංකුව පාරවල් හදන්න සල්ලි දෙන්නේ නැත්නම් කවුරු ආණ්ඩු කළත් ඒ පාර හදන්න බෑ, ඒක තමයි පරම සත්‍ය.චූටි මල්ලිලා සේරමත් තේරුම් ගත යුතු පරම සත්‍ය, මේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව කියන මේ ආයතන එක්ක ගණුදෙනු කරන්නේ නැතිව රටක් මාසයක්වත් පවත්වාගෙන යන්න බෑ,ආණ්ඩු වෙනස් කරන්න පුලුවන්, දේශපාලන කතන්දර කියන්න පුලුවන්, න්‍යායන් කියන්න පුලුවන්, ප්‍රායෝගිකව මහ පොල‌ොවේ පවතින්න නම් ඒක කරන්න ඔ්න, දැන් ගෙවන්න බැරි ණය තියෙනවා කල් පිරිලා ඇමරිකානු ඩොලර් බිලියන 36 ක්, ඒක මේ තියෙන ඒවා විකුණලා ගෙවන්න බෑ, හම්බන්තොට වරාය විකුණුවාම ලැබුනේ 1.4 යි, ලංකාවට හම්බුණ ලොකුම ව්‍යාපෘතිය අර මුහුද ගොඩ කරපු පෝට් සිටි එක, ඇමරිකාණු ඩොලර් බිලියන 1.4 යි, මේ දෙකම 2.8 යි, අනෙක් මොනවද විකුණන්නේ 36 ක් ගෙවන්න.ඒකට ක්‍රමවේදයක් කථා කරගන්න ඔ්න.මුදල් අමාත්‍යංශය, මහ බැංකු ලෝකය පුරාම ගිහින් මේ ණයකාරයෝ එක්ක කථා කරනවා මේක ප්‍රථිව්‍යූහගතකරණය කරන්න.ඒ කළාමත් මේ බිලියන 36 ඉතිරි අවුරුදු 5-6 තුළ ගෙවන්න තියෙන්නේ 37% යි, අවුරුදු 6-20 ත් අතරදී ගෙවන්න ඔ්න තව 51% ක් ණය වලින්, 20 නුත් පස්සේ ගෙවන්න ඉතුරු වෙනවා 12% ක්, දැන් අපි ඉන්නේ 2023 දී, 2048 වන තුරුත්, මේ හිර වෙලා තියෙන ණය තොගය ගෙවන්න තියෙනවා.අලුතින් ගත්ත ඒවා නෙමෙයි හිර‌ වෙලා තියෙන තොගය.ඒ නිසා කවුරු හරි රටේ ආණ්ඩු කරන්න හිතන දේශපාලන පක්ෂයක්
තියෙනවා නම් රටේ ආණ්ඩු කරන්න මාසයක් හරි බලාපොරොත්තු තියෙන කෙනෙක් ඉන්නවා නම් 2048 වෙනකල්ම රටේ මිනිස්සුන්ටකියන්න ඔ්න මේ අරන් තියෙන, ගෙවන්න තියන ණය ටික අපි ගෙවන්නේ මෙන්න මෙහෙමයි කියලා.එහෙම කියන්නේ නැත්නම්, එක්කෝ මෝඩකමට, එක්කෝ නොදැනුවත්කමට,ඒක්කෝ කුහකකමට, එහෙම නැත්නම් ඒක තමන්ගේ මහ පොලවේ යතාර්ථය පිළිබඳ තියෙන අවම අවබෝධය නිසා තමයි එසේ නොකියා ඉන්න‌ේ.ඒ නිසා මේ ටික අපි රටේ ජනතාවට කියන්න ඔ්න.මේ පාරවල් හදලා තීයෙන්නේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් නෙමෙයි.මේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය.ණය පොඩ්ඩක් නෙමෙයි, මේකට අරන් තියෙනවා කෝටි 250ක් ඒක අපි නෙමෙයි, අපෙන් පස්සේ ජනිත කරන දරුවෝ, දරුවන්ගේ දරුවෝ, උප-නූපන් පරම්පරාවල අයත් මේ ණය ගෙවන්න ඔ්න.

රෝහල්, බෝක්කු, වේලී, පාසල්, මේ සියල්ල ණය. මේක කියන්නේ නැතිව අපි කියනවා ආණ්ඩුවේ සල්ලි තමයි මේ ඔක්කොටම දාන්නේ කියලා. මේ ඇත්ත රටේ ජනතාවට කියන්නේ නැතිව ආණ්ඩු ඉල්ලනවා නම්, දේශපාලනය කරනවා නම් ඒක නොකළයුතු කාරණයක් කියන එක තමයි මේ රට වැටුණට පස්සේ කියන්න වෙන්නේ.ජනතාවට නොකියා මෙසේ ගමන් කරපු නිසා තමයි මැයි 09 වැනිදා වෙන කොට ගෑස් නෑ, විදුලිය නෑ, ඉන්ධන ලබා ගන්න දවස් ගණනක් පෝලිමේ ඉන්න ඔ්න, ජනතාවට උහුලා ගන්න බැරිව.ඒ අතර මේ ලෝකයේ ප්‍රායෝගික යථාර්ථය පිළිබඳ අවබෝධයක් නැති අය විකෘති කරලා දේශපාලඥයින්ගේ , මහජන නියෝජිතයින්ගේ ගෙවල් ගිණි තියලා ප්‍රචණ්ඩත්වය ඇති කළා.ප්‍රචණ්ඩත්වයෙන් උතුරේ වුණත්, දකුණේ වුණත් ප්‍රශ්න විසඳන්න බෑ, අපි පුරා දශක 02-03 ක් යකඩ ගැටෙන අමිහිරි ශබ්දය, උණ්ඩයේ අමිහිරි සුවඳ, දුක වේදනාව, මරලතෝනිය අහලා තියෙනවා.මිනිස්සු මරලා, මිනිස්සුන්ගේ අත-පය කපලා, ගෙවල් දොරවල් ගිණි තියලා, මිණී මරලා, මරපු මිනී දණ හිසෙන් පහළට දාලා වළලන්න කියලා නියම කරලා.මේවා ඔක්ක‌ොම දශක ගණනක් අපි වින්ද ජාතියක්.තව දුරටත් අපිට මේ ගමන මේ විදිහට යන්න බෑ,ඒ නිසා අපි රටක් වශයෙන් නැවත නැගිටින්න නම් අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ නිෂ්පාදනය වැඩි කරලා, ගත්ත ණය ගෙවලා, අපනයන කරලා, ආදායම් වර්ධනය කරලා, අලුතෙන් හිතන්න පුරුදු වෙච්ච ජාතියක් වෙන්න ඔ්න.

අපේ ලඟ මේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ, මේ හම්බුවෙන මුදල් ටිකෙන් හැම මාසයේම රාජ්‍යය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවලා, සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවලා, ගත්ත ණය සඳහා පොලී ගෙව්වට පස්සේ මොකුත් ඉතුරු වෙන්නේ නෑ,රටේ මහජනතාව මේ තත්වය තේරුම් ගත යුතුයි.මේ තත්වයට මුහුණ දෙන්න තියෙන එකම ක්‍රමය රජයේ ආදායම වැඩි වෙන්න ඔ්න, ආණ්ඩුවේ වියදම් පුලුවන් තරම් අඩු වෙන්න ඔ්න. රට ඇතුළට එන විදේශ විනිමය වැඩි වෙන්න ඔ්න. රටින් පිටට යන ප්‍රමාණය අඩු වෙන්න ඔ්න, සැප්තැම්බර් මාසය වන විට අපිට රටක් ලෙස නැගිටින්න පුලුවන් යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්ද සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

අපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 07 ක්‍ නාවික හමුදාව මුදවාගනියි

Next Post

රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නෑ – ජනපති

editor

editor

Next Post

රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

4 July 2025
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

4 July 2025
මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

4 July 2025
වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

4 July 2025

Recent News

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

4 July 2025
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

4 July 2025
මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

4 July 2025
වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

4 July 2025
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved