27 April 2024
#දේශීය

අපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 07 ක්‍ නාවික හමුදාව මුදවාගනියි

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ගිනි ගැනීමට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වි ඇත.

ධීවරයින් හත්දෙනෙකු (07) රැගත් ‘රුහුණු කුමාරි 6’ නමැති බහුදින ධීවර යාත්‍රාව (IMUL-A-0738-CHW) වෙන්නප්පුව ප්‍රදේශයෙන් පසුගිය 08 වනදා දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත.

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 58 ක් පමණ (කිලෝ මීටර් 107 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, මෙම බහුදින ධිවර යාත්‍රාව ගිනි ගැනීමට ලක්ව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ (11) දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මඟින්, නිරුපද්‍රිතව මුදවාගත් මෙරට ධීවරයින් හත් දෙනා (07) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මඟින් අද (12) ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *