ගෝඨාභයගේ හොරකම් ටික ආරක්ෂා කරන්න රනිල්ව ගෙනා අතර රනිල්ට තියෙනවා ඊට වඩා මාස්ටර් ප්ලෑන් එකක් ලංකාව විනාශ කරන්න බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සමාජික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, ETF/EPF මංකොල්ල කන, බැංකු අවදානමේ දමන, ජාතික සම්පත් වෙන්දේසී කරන ආණ්ඩුවේ සැලසුම් යන මැයෙන් ජාතික ජන බලවේගයේ අර්ථික කවුන්සිලය සංවිධානය කල ජනහමුව අමතමින්ය.
තඹුත්තේගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම හමුව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා ” වෙනදා තුන් වේලක් කෑව නම් දැන් ගෙදර හදන්නේ එක වේලයි, කොහොමත් උයා ගන්න විදිහක් නෑ බඩු මිළ ගණන් හින්දා, එක වේලෙන් ශේප් වෙනවා තුන් වේලම, හුඟක් ගෙවල් වල දෙවේලක් කන මිනිස්සුත් හරි අඩුයි. ජීවත් වෙන්න අමාරුකම නිසා, ජීවිතය ගැට ගහගන්න බොහෝම අමාරුයි.අර්බුධයට මිනිස්සු හුරු වෙලා, හැබැයි ඒකෙන් මිනිස්සුන්ගේ ජීවිත යහපත් වෙලා නෑ, වෙනදා ඉස්පිරිතායට යනවා බෙහෙත් ගන්න, ඉස්සර අපේ ගෙවල් වල පොඩි ෆාමසියක් තියෙනවා, අල්මාරියේ, බුදු පිළිමේ ලඟ, ෆිජ් එක උඩ හැම තැනම බෙහෙත් තියෙනවා, අපි ලෙඩක් වෙච්ච ගමන් බෙහෙත් ගේනවා.දැන් ලෙඩ වෙච්ච ගමන් බෙහෙත් ගන්න හිතෙන්නේ නෑ භයයි.දැන් සමහර දොස්තර මහත්වරුත් භයයි ඉන්ජෙක්ෂන් එකක් ගහන්නත්, බාල බෙහෙත් තියෙන හින්දා, ආණ්ඩුවේ අය නම් කියනවා බාල කියලා බෙහෙත් වර්ගයක් නෑලු.ඒ ගොල්ල දන්නේ එහෙම තමයි.මිනිස්සු මැරෙන්නේ දැන් බෙහෙත් බීලා.ලෙඩ වෙලා මැරෙන මිනිස්සුත් ඉන්නවා, බෙහෙත් බීලා මැරෙන මිනිස්සුත් ඉන්නවා.ඉන්ජෙක්ෂන් එක ගැහුවම මැරෙන මිනිස්සු ඉන්නවා.ඉස්පිරිතාලයට ගියහම අනිවාර්යෙන්ම බෙහෙත් නැති බව අපි දන්නවා.දන්න නිසා ඉස්පිරිතාලයට යන්නේ නෑ දැන්, ගොඩ වෙදකම් වලින්ම ගොඩ යන්න බලනවා දැන්.එතකොට ආණ්ඩුවට වියදම් අඩුයිනේ.දරුවෝ අධ්‍යාපනය අතහැරලා යනවා.සාමාන්‍යය පෙළ විභාගය ලියලා ප්‍රථිපල එන්නෙත් නෑ, කොල්ලෝ ඒලෙවල් කරන්න යන්නෙත් නෑ, ඉස්සර අපේ දෙමාපියෝ වැඩිහිටියෝ අහන්නේ අපේ ඉගෙන ගත්ත දුවෙක්-පුතෙක් ඉන්නවා රස්සාවක් හොයලා දෙන්න බැරිද කියලා.දැන් හුඟ දෙනෙක් අපෙන් අහන්නේ ඉගෙන ගත්ත දුවෙක් – පුතෙක් ඉන්නවා රට යවලා දෙන්න බැරිද කියලා.ලංකාව ඇරෙන්න ඔ්න රටකට යන්න ආසයි.ඒ තරමට මේ රට එපා කළා මේ පාලකයෝ.අර්බුධයට අපේ ජීවිත හැඩ ගහස්වගන්න පුරුදු වෙලා තියෙනවා.ඒ නිසා අපි කන්නේ බොන්නේ නෑ, අධ්‍යාපනයක් නෑ, විවේකයක්- විනෝදයක් නෑ, අඩුම තරමේ බෙහෙත් ටිකක් බොන්‌නේ නෑ, මිනිස්සු ජීවිතය අකුලගෙන තියෙන්නේ.ගමන් බිමන් යන්නේ නෑ, නෑදෑ ආශ්‍රයක්, යාලු මිත්‍රයෝ ආශ්‍රයක් නෑ, වන්දනාවක යන්නේ නෑ, අති මහත් බහුතරයක් ජනතාව අද මේ අර්බුධය ඇතුලේ මිරිකිලා තෙරපිලා ජීවත් වෙන්නේ.ඒවාට හුරු වෙලා අපි දැන් ආණ්ඩුව හොඳයි කියනවා.මොනවද හොඳ වෙලා තියෙන්නේ, රනිල් වික්‍රමසිංහ බලයට ඇවිල්ලා දැන් අවුරුද්දක් මොනවාද හොඳ වෙලා තියෙන්නේ.මේ පාලකයොන්ට අපේ රට ගැන හැඟීමක් නෑ.
මේ අර්බුධයේ ආකාර 05 ක් තියෙනවා. පළවැන්න නිෂ්පාදන අර්බුධය, 1970 දශකයේ, මේ තරම් තාක්ෂණයක් නැති කාළයේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රථිශතයක් ලෙස 38% ක් තිබුණා කෘෂිකර්මාන්තයේ, 2020 දී එය 8% යි.මේ ආඩම්බරකාර තාත්තලා ටික, ජේ.ආර් ජයවර්ධන, රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, මේ පරම්පරා දෙක තුන අපේ රටේ නිෂ්පාදනය කඩා වැට්ටුවා 8% .කෘෂිකර්මාන්තය කඩා වැටුණා නම් කර්මාන්ත දියුණු වෙන්න එපැයි,1960 දී දළ දේශීය නිෂ්පාදනයේ කර්මාන්ත තිබුණේ 23% යි, අද 26% යි.ඉතුරු ටික පිරුණේ ආර්ථිකයේ සේවා ආර්ථිකයට, රක්ෂණ, ගබඩාකරණය, ප්‍රවාහනය, බැංකු, ස්පා, රට යනව ඒවා, අනුරාධපුරයේ ප්‍රධාන වීදියේ වැඩිපුරම තියෙන්නේ රට යවන අයගේ ඒජන්සී තියෙන්නේ.අසූ ගණනක් තියෙනවා.කොළඹ නගරයේ වැඩිපුරම තියෙන්නේ ස්පා.අපේ මෙතෙක් බලයට පත් කර ගත්ත ආණ්ඩු මතුපිටින් පේන සුරංගනා ලෝකය පිම්ඹුවා ඉලක්කම් වලින් හැබැයි නිෂ්පාදනය කඩා වැට්ටුවා.අපේ රටට ඔ්න නිෂ්පාදන භාණ්ඩයක් ගේන්න පුලුවන් විවෘත ආර්ථිකය කියන රෙද්ද අස්සේ.හැබැයි අපිට ජපානයට හාල් ගෙනියන්න බෑ, ගෙනිච්චොත් 300% ක බද්දක් ගහනවා.පිටරට අය තමන්ගේ නිෂ්පාදනය ආරක්ෂා කරන්නේ එහෙමයි.අපේ විවෘත ආර්ථිකය තමයි නිෂ්පාදන ආර්ථිකය බිඳගත්ත ආර්ථික ක්‍රමය.වෙනදා ලැබුණ ආදායමෙන් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් වුණා.අද ජීවත් වෙන්න බෑ.
දෙවැනි අර්බුධය තමයි ආදායම් අර්බුධය.රටේ බදු ආදායම එන්න එන්න කඩා වැටෙනවා, නාස්තිය, දූෂණය, හොරකම් වංචාව වෙනම තියෙනවා.හොරකම් කරන්නත් ආදායමක් තියෙන්න එපැයි, දැන් හොරකම් කරන්නවත් අදායමක් එන්නේ නෑ.1991 දී ලංකාවේ රජයේ ආදායම ,දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රථිශතයක් ලෙස 23% යි, හැබැයි අද ඒක 7% යි.රට වට්ටලා තියෙන්නේ.පාරවල් නඩත්තු කිරිීම, රෝහල් හැදීම, අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම, සුභසාධන එකක්වත් කරන්න බෑ, ආණ්ඩුව කියනවා අපිට සල්ලි නෑ කියලා.ආණ්ඩු කරපු අය ඇතුලේ ආදායම් උපදවන්න ක්‍රමයක් තිබුනේ නෑ.ලැබෙන ආදායමත් තමන්ගේ ගජ මිත්‍රයෝ ටිකකට පොම්ප කළා, හොරුන්ට හොරකම් කරන්න දුන්නා.බදු පැහැර හරින්න ඉඩ දුන්නා.ටික දෙනෙක් අතර ආදායම පොම්ප කළා.
තෙවැනි අර්බුධය තමයි ණය අර්බුධය.දැන් මේ රටේ ලොකු ණය අර්බුධයක් තියෙනවා.මහ බැංකු වාර්ථාවේ අන්තිම පිටුවේ තියෙනවා 1952 ඉඳන් අපේ නිෂ්පාදනය කඩා වැටුණු විදිහයි, ණය අර්බුධය වැඩි වුණ විදිහයයි තියෙනවා.අපි කියන්‌නේ ණය ගන්න එක වරදක්. අපරාධයක් නෙමෙයි.හැබැයි ණය වල ඵලදාවක්, ප්‍රථිපලයක් තියෙන්න ඔ්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පහුගිය ජූලි මාසයේ 12 වැනිදා වාර්ථාවක් නිකුත් කළා.එහි තියෙනවා පහුගිය මාස 06 ක ආදායම රුපියල් කෝටී 82 000 යි (බිලියන 820) , හැබැයි ණය වාරික නෙමෙයි, ණය වාරික වල පොලිය විතරක් රුපියල් කෝටී 81 800 ක් (බිලියන 818). එතකොට රුපියල් කෝටි 238 යි ඉතුරු වෙන්නේ ආර්ථිකයෝ ඔක්කොම කරන්න. රටක් දුවන්න පුලුවන්ද? ඉස්සර පම්පෝරී ගැහුවා ණය ගන්න එක මහා වීරකමක් හැටියට, අර ආණ්ඩුව නෙමෙයි මම තමයි ණය ගත්තේ, අපි තමයි ණය ගත්තේ, අපිට තමයි ණය දෙන යාලුවෝ ඉන්නේ කියලා, දැන් ණය වලින් කෙළවෙච්ච රටක් මේක.නිෂ්පාදනය හැදුවේ නෑ, කෘෂිකර්මාන්තය හැදුවේ නෑ, කර්මාන්ත හැදුවේ නෑ, නිෂ්පාදන ආර්ථිකයක් හැදුවේ නෑ, නව නිෂ්පාදන හොයා ගත්තේ නෑ, ඒවාට ආයෝජනය කලේ නෑ, ණය ගත්තේ නාස්තිකාර වියදම් වලට, පහුගිය දවසක රජයේ විගණකාධිපතිවරයා කිව්වා, ව්‍යාපෘති වලට පමණක් ගත්ත ණය තියෙනවා පහුගිය කාළයේ රුපියල් කෝටි අට ලක්ෂයක්, හැබැයි වත්කම් තියෙන්නේ කෝටි දෙලක්ෂයයි.අධිවේගී මාර්ග, ගුවන්තොටුපළවල්, මුහුද ගොඩ කරලා වරායවල් හදන්න, නෙලුම් කුළුණ, නෙලුම් පොකුණ හැදුවා, හම්බන්තොට ක්‍රිකට් ගහන්නේ නැති පිට්ටනියක් තියෙනවා, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් තියෙනවා.ඒවාට ණය ගෙවන්න ඔ්න, පොලිය ගෙවන්න ඔ්න, මේ මහජනතාව ඒ ණය ගෙවනවා.
පෙට්ට්‍රල් ලීටරයක් ලංකාවට ගොඩ බාන්නේ රුපියල් 93 ට, අපි ගෙවනවා තුන්සිය හැට ගණනක් ෂෙඩ් එකට එන කොට, බදු ගෙවන්නේ.අපි කන්නේ බොන්‌නේ බදු, අපේ අම්මලා-තාත්තලා ගත කළාට වඩා අමාරු ජීවතයක් අපි ගත කරන්නේ ඇයි, අපිට ඒ තරම් විවේකය-විනෝදය නැත්තේ ඇයි මේ තරම් තාක්ෂණය තියෙද්දී, අපි තමන්ට ජීවත් වෙන්න වැඩ කරනවාට වඩා ආණ්ඩු ජීවත් කරව්නන වැඩ කරපු මිනිස්සු.ගොවි ජනතාව, ව්‍යාපාරිකයෝ, කර්මාන්තකරුවෝ එහෙමයි.අද අපේ රටේ බහුතර කර්මාන්තකරුවෝ කර්මාන්ත පවත්වාගෙන යන්නේ තමන්ටවත්, තමන්ගේ සේවකයොන් වෙනුවෙන්වත් නෙමෙයි, මේ නාස්තිකාර ආණ්ඩුවට බදු ගෙවන්න.ව්‍යාපාරිකයෝ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ වහලා තිබ්බොත් ඒ ටිකත් නැති වෙන නිසා.මේ ආණ්ඩුව අද ව්‍යාපාරිකයින්ට, වෘත්තිකයින්ට බදු දානවා, දඩ ගහනවා, තග දානවා, හැබැයි එක දවසක් අපේ රටේ වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ කඩ ටික වහලා, බැංකු ටික වහලා තිබ්බොත් මොකද වෙන්‌නේ ආණ්ඩුවට,ඒ ගොල්ලන්ට ඉස්සරහින් පිටිපස්සෙන් ස්කොඩ් දාගෙන යන්න පුලුවන්ද? ජනතාවගේ බදු මුදල් වලින් තමයි ඔය නාස්ති කරන තෙල් ගහගෙන යන්නේ.අද ජනතාව ජීවත් වෙන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි, ආණ්ඩුවක් වෙනුවෙන්, සාධාරණ ආන්ඩුවක් නම් කමක් නෑ, නාස්තිකාර, දුෂ්ඨ, දූෂිත පාලනයක් වෙනුවෙන්, අපි පුරුද්දට ජීවත් වෙනවා.අපි දන් නැතිව බදු ගෙවනවා.ජනතාව තමන් උපයන රුපියල් 100 කින් කීයක් බදු ගෙවනවාද? වතුර බිල, ලයිට් බිල, කන කෑම එකේ ඉඳලා හැම එකටම.බදු ගෙව්වාට කමක් නෑ ඒකට ප්‍රථිලාභයක් ජනතාවට ලැබෙනවා නම්.අද පරණ පවු මේ ගෙවන්නේ.අපි බදු ගෙවනවා ආණ්ඩුවට ණය ගෙවන්න.මේ ණය ගත්තේ ජනතාවගෙන් අහලාද?, ජනතාව දැනුම්වත්වද?
ඊළඟ අර්බුධය වෙළඳ ෂේශ අර්බුධය,අපි අපනයනය කරනවා වගේ දෙගුණයක් ආනයනය කරනවා.අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 10 යි නම් වියදම ඩොලර් බිලියන 20 යි, ඉතුරු 10 කොහෙන්ද හොයා ගන්නේ, අපි රුපියල් වලින් කොච්චර හම්බ කළත් වැඩක් නෑ, ඒවා ඩොලර් වලට හරවන්න ඔ්න, ඩොලර් හොයන්න අපි අනිවාර්යෙන් අපනයනය කරන්න ඔ්න, අපේ ඉතිහාස කථාවම ගත්තොත් හැමදාම දෙගුණයක් සෘණ,සංවර්ධන උපාය මාර්ගයේම තිබුනේ විදේශ විනිමය හොයන එකක් නෙමෙයි, විදේශ විනිමය වියදම් කරන එකක්, අපෙන් සමහර අය අහනවා ඔයගොල්ල ආභ්ඩුවක් ගත්තොත් එහෙම ඔයගොල්ලනට ජාත්‍යන්තර මිත්‍රයෝ ඉන්නවාද කියලා.මේ ජාත්‍යන්තර මිත්‍රයෝ ඉන්නවාද කියලා නෙමෙයි මේ අහන්නේ අපිටත් ණය දෙන කට්ටිය ඉන්නවාද කියලා අහන්නේ.ණයට කාලාමනේ පුරුදු,චීනය, ඉන්දියාව, ජපානය අපිට ණය දෙයියද කියලා අහන්නේ? ඇත්තටම ජනතාව අපෙන් අහන්න ඔ්න ණය දෙයිද කියලා නෙමෙයි, ණය ගන්නේ නැතිව ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවාද කියලා අහන්න ඔ්න.ණය අරගෙන කෙළවිලා තියෙන්නේ අපිට.
පස්වැනි අර්බුධය තමයි දරීද්‍රතාවයේ අර්බුධය.ඇති-නැති පරතරය, ආණ්ඩුව පම්පෝරී ගහනවා මධ්‍ය ආර්ථිකයකට ගිහින් තියෙන්නේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි කියනවා.කාගෙද දන්නේ නෑ, අපේ කාගෙවත් ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ක් තියෙනවාද? දුප්පත්කම වැඩියි, මන්දපෝෂණය වැඩියි, ජනග්‍රහණයෙන් 20% ක් ආදායමෙන් 80% ක් හම්බකර ගන්නකොට, ජනග්‍රහණයෙන් 80% කට හම්බෙන්නේ 10% කටත් වඩා අඩු ගණනක්.අපි ආර්ථිකයක් හදන්න ඔ්න මේ අසමානතාවය නැති කරන්න. මේ ණය බර තුරන් කරලා ජනතාවගේ ආදායම වැඩි කරන්න.රජයේ ආදායම වැඩි කරන්න.ඒ සඳහා නිෂ්පාදනය පණ ගන්වන්න.අපිට ලංකාව වගේ 08 ගුණයක් විශාල මහ මුහුදක් තියෙනවා, හැබැයි මාලු කිලෝවක් රුපියල් 3000 ක් විතර වෙනවා.අපි ඉන්දියාවෙන් බිත්තර ගේන කාළකන්නි රටක්, අපිට බිත්තර ටික හදාගන්න බැරිද? කිරි ටික, මස් ටික, එළවලු ටික හදාගන්න බැරිද? මේ අපි ඉන්නේ අවසාන භාගයේ, මේ දුෂ්ඨ, දූෂිත පාලකයෝ මේ රට ණය කරලා ඉවරයි.විකුණන්න ලෑස්ති කරලා ඉවරයි.
ලංකාවේ කැසිනෝ ව්‍යාපාරිකයෝ බදු ගෙවන්නේ නෑ, රේස් බයි රේස් කරන අය බදු ගෙවන්නේ නෑ, වයින් ස්ටෝර්ස් වල අය බදු ගෙවන්නේ නෑ, අරක්කු නිෂ්පාදනය කරන අය බදු ගෙවන්නේ නෑ, හැබැයි අහිංසක මිනිහා බදු ගෙවනවා.මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ආණ්ඩුවේ බැංකු වලට පොලු තියෙනවා මහජන බැංකුවට, ලංකා බැංකුවට කෝටි ගණනින්.1991 ඉඳන් පොලු තියපු අය අදත් ඉන්නවා හොඳට යහතින්.ඒ ගොල්ල ආණ්ඩුවෙන් දේපළ, ඉඩම් අරගෙන තියෙනවා.මේක බලා ගන්න පුලුවන් ඡන්ද කිට්ටු වෙන කාළයට.දැන් මේ ආයේ එන්නේ එහෙම කාළයක්, ජනාධිපතිවරණයක් කිට්ටු වෙනවා.මේ අවුරුද්ද විකුණන අවුරුද්ද විකිනෙන අවුරුද්ද.මේ අනුරාධපරයේත් කුඹුරු ටික ගොඩ කරන්න පටන් අරන් තියෙනවා, ඉඩම් ගොඩ කරන්න පටන් අරන් තියෙනවා, වැව් ටික ගොඩකරන්න පටන් අරන් තියෙනවා, දැන් නීතියක් නෑ, ලබන අවුරුද්දේ සැප්තැම්බර් වෙන කොට යන්න වෙන බව දන්නවා.යන යක්කු ටික කොරහත් බිඳ ගෙන යන්න හදන්නේ.දැන් ගොඩකරනවා, අල්ල ගන්නවා, හෝටල් ගහනවා, මේක තමයි හැමදාම වෙලා තියෙන්නේ, ඉඩම අල්ලාගන්නවා ආණ්ඩුවෙන්, හෝටල් ගහනවා ආණ්ඩුවේ සල්ලි අරගෙන, බැංකුවෙන් ණය ගන්නවා ගෙවන්නේ නෑ, දැන් විපක්ෂයේ ඉන්නවා නම් අනෙක් පැත්තට මාරු වෙනවා.ඒ ආණ්ඩුවෙන් ආයේ අවුරුදු 05 ක් හම්බ කර ගන්නවා.මේ දුෂ්ඨ ක්‍රමය නවත්වන්න ඔ්න, මේක නැවැත්තුවේ නැත්නම් මේ රටට අනාගතයක් නෑ.කෙටි කාලීන හා දිගු කාලීන අපේ විසඳුම තමයි ආර්ථිකයේ නිෂ්පාදනයට පණ දෙන්න ඔ්න. හොරකම, නාස්තිය, දූෂණය නවත්වන්න ඔ්න.
දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කියලා යෝජනාවක් ගෙන ආවා, මහා සද්දයක් දාලා පාර්ලිමේන්තුවේ අනුමත කරලා මොනවාද කලේ, අර්ථසාධක අරමුදල හිර කළා විතරයි.අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට අවුරුදු ගණනකට ලැබෙන්න තිබුණ ප්‍රථිලාභ ආණ්ඩුව මංකොල්ල කෑවා.ආණ්ඩුවට අද වැඩපිළිවෙලක්, සැලැස්මක් නෑ ණය ගෙවන්න.ණය ගන්න සැලසුමකුත් නෑ, ණය ගෙවන්න සැලසුමකුත් නෑ, ආණ්ඩුව දැන් හිර වෙලා ඉන්නේ.ආණ්ඩුව සැප්තැම්බර් මාසය වෙන්න කලින් උත්තරයක් හොයන්න ඔ්න, අපිට පේන උත්තරයක් නෑ.ආණ්ඩුවට තියෙන උත්තරය තමයි අදානීට රනිල් ගිහින් පෙන්නුවේ.13 වැනි සංශෝධනයක් ගැන කථා කරනවා.ඒ සංශෝධන කථාවක් නෑ, සංශෝධන ඉස්සරහට දාලා නංගි පෙන්නලා අක්කා දෙන්න වගේ අදානීට ත්‍රිකුණාමලය විකුණන්න හදන්නේ.වෙනදාට දුන්‌නේ ආයතන,දැන් විකුණනවා දිස්ත්‍රික්ක.ත්‍රිකුණාමලය තමයි විකුණන්න තියෙන හොඳම දිස්ත්‍රික්කය.තෙල් ටැංකි ටික තියෙනවා, ත්‍රිකුණාමල වරාය තියෙනවා, පුල්මුඩේ ඛණිජ වැලි එක තියෙනවා, කන්තලේ වැව් තියෙනවා, සාම්පූර් බලාගාරය තියෙනවා, ඔක්කොම ටික දෙන්න පුලුවන්.රනිල් ගිහින් කථා කරන කොට අදානීලා මෙහේ කම්පැණියකුත් ගහලා.ලංකාවට බාර්ලි ගේන්නද, අපිට මයිසූර් පරිප්පු ගේන්නද ඉන්දියාවෙන්, නෑ අපේ සම්පත් ටික මංකොල්ලා කන්න.ලංකාවේ බිහි වෙච්ච නරකම, දුෂ්ඨ, දූෂිත පාලකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ, බිහිවෙච්ච නෙමෙයි බිහි කරපු එකෙක්, ගෝඨාභය රාජපක්ෂ ජාතක කළා.ගෝඨාභය රාජපක්ෂ ජාතක කරපු රනිල් වික්‍රමසිංහ මේ ඉන්නේ.ජනතාව ජාතක කලේ , බිහි කලේ නෑ.ජනතා ඡන්දයකින් බිහි කලේ නෑ,ගෝඨාභයගේ හොරකම් ටික ආරක්ෂා කරන්න රනිල්ව ගෙනාවා.රනිල්ට තියෙනවා ඊට වඩා මාස්ටර් ප්ලෑන් එකක් ලංකාව විනාශ කරන්න.ලංකාවේ මහ පොළවත් එක්ක එයාගේ සම්බන්ධයක් නෑ.එයා ජාත්‍යන්තරව හිතන, ජාත්‍යන්තරව විකුණන කෙනෙක්, ජාත්‍යන්තරව හොඳ මුදලාලී කෙනෙක් තමයි දැන් ඇවිල්ලා ඉන්නේ ලංකාවට.හැබැයි ඒක රටේ ජනතාවට හරියන්නේ නෑ.එළැඹෙන ජනාධිපතිවරණයේ මේ රටේ ජනතාවට අතිශය තීරණාත්මකයි, ඒ තමන්ට හම්බෙන පුංචි සොච්චම් දෙයක් වෙනුවෙන් නෙමෙයි, මේ රටේ අනාගතය වෙනුවෙන්, මේ රටේ අනාගතය ආරක්ෂා කිරීම වෙනුවෙන්, අන්න ඒ සඳහා ජනතාව ආර්ථිකය ගැන දැනුම්වත් වෙන්න ඔ්න. කුමන්ත්‍රණ හා ආණ්ඩුවේ සැලසුම් දැනුම්වත් වෙන්න ඔ්න,අද කරන දෙයින් හෙට ප්‍රථිපළ ගේන්නේ වෙන දෙයක්.අද අපි දකින්නේ මේ පුංචි පරාසය, හැබැයි හෙට මීට වඩා නස්පැත්තියක් තියෙනවා.මතුපිටින් පේන දේවල් ටිකට රැවටෙන්න එපා.තෙල්, ගෑස් පෝලීම් නෑ, ලයිට් බිල වැඩි වුණත් කමක් නෑ, උන්නා හැටියට මළා මදැයි කියලා, අපිට ජීවත් වෙන්න පුලුවන්, අපිට පොහොර ටික තියෙනවා කියලා හිතන්න එපා.ඒ මතුපිටින් පේන පුංචි දේවල් ටික නෙමෙයි ආර්ථිකය කියන්නේ.මේ ආර්ථික අර්බුධය ඊට වඩා ලොකු දෙයක්.
අපේ රටේ නිෂ්පාදනයේ අර්බුධයක් තියෙනවා, ආදායමේ අර්බුධයක් තියෙනවා, ණය අර්බුධයක් තියෙනවා, ඇති නැති පරතරයේ අර්බුධයක් තියෙනවා, වෙළඳ ක්ෂ්‍රේත්‍රයේ අර්බුධයක් තියෙනවා, ඒක පියවන්න නම් අපි නිෂ්පාදන ආර්ථිකයක් සහිත ජනතාවත් එක්ක වැඩ කරන, ජනතාවට ආදරය කරන නාස්තිය දූෂණය නවත්වන්න පුලුවන්, හොරකම නවත්වන්න පුලුවන්, නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක කරන්න පුලුවන්, ආණ්ඩුවක්- පාලනයක් හදා ගන්න ඔ්න, ඒ දේශපාලන පරිවර්ථනය කරන්නේ නැතිව මේ රට අඩියක්වත්, දශමයක්වත් ඉස්සරහට යන්නේ නෑ, ඒ සඳහා හැකියාව, ශක්තිය, ධෛර්ය, විශ්වාසය හා අවංක කැපකිරීම තියෙන ජාතික ජනබලවේගයත් එක්ක මාලිමාවත් එකතු වෙන්න හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසිය.
තිසර සමල් – අනුරාධපුර