27 April 2024
#දේශීය

අවුරා ලංකා සමාගමට රජයේ ඉඩම් දීලා නෑ – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

අවුරා ලංකා සමාගමට මේ වන තෙක් රජය මගින් බිම් අඟලක් හෝ ලබා දී නැතැයි හිටපු ඉඩම් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 19 වනදා අනුරාධපුර කුරුන්දන්කුලම ඔහුගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවේදිය.

තම චරිතය ඝාතනය කරමින් සමාජ මාධ්‍ය මඟින් සංවිධානාත්මක පිරිසක් විසින් මඩ ප්‍රචාර දියත් කිරීමක් දැඩිව ආරම්භ කර ඇතැයි ද මෙහි නියම සත්‍යතාව ජනතාව දැනගත යුතු හෙතෙම පැවසීය .

මෙහිදී මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මෙසේ අදහස් පල කලේය” මගේ චරිතය ඝාතනය කරමින් කරන මඩ ප්‍රචාර සියල්ල මම තරයේම ප්‍රතික්ෂේප කරනවා .මේ චෝදනා සම්බන්ධයෙන් යම් අයෙක් සිටීනම් එය සාමාන්‍ය පරිදි හෝ ඔප්පුකර පෙන්වා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා .එය නිශ්චිතවම සාක්ෂි සහිතව පෙන්වා දිය යුතුයි. දේශපාලන හේතුවෙන් තම කණ්ඩායම් වල වාසි තකා නිකරුණේ මඩ ප්‍රචාර ගොඩනඟන්න එපා කියා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. අවුරා ලංකා ආයතනයේ තාඹුගල ඉකුත් 2017 වසරේ රාජාංගනය ප්‍රදේශයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් කර තිබුණා .ඒ සඳහා විශාල ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට හැකියාව ඇති බවට ඔහුගේ ව්‍යාපෘති වාර්තා මගින් පෙන්වා දුන්නා .ඒ සඳහා ඉඩම් අක්කර ලක්ෂ හයදසක්( 6000) අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා .නමුත් රජයේ ඉඩම් එපමණ ප්‍රමාණයක් ඒ සඳහා නොතිබෙන බව ද එසේ තිබුණද එසේ කළ නොහැකි බව පෙන්වා දුන්නා .නමුත් ඒ සමාගම සඳහන් කළේ ඒ සඳහා රජයේ ඉඩම් අවශ්‍ය නොවන බවත් ගොවියාට ද හොඳ ආදායමක් ගත හැකි පරිදි වසර 5කට බදු ක්‍රමයකට ගොවියගෙ කැමැත්ත මත එය ලබා දිය හැකි නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක හැකි බවයි .මේ පිළිබඳව දිසාපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරු සමග සාකච්ඡා කළේ ඉතා විනිවිද බවකින් යුක්තවයි .නමුත් ඒ සඳහා විශාල මඩ ප්‍රචාරයක් ගිය අතර පරිසර සංවිධාන පවා මුලින් පාරිසරික විනාශයක් වෙමින් මේ සිදුවන බවට ප්‍රකාශ කළත් මගේ ආරාධනයෙන් ඒ ප්‍රදේශයට පැමිණ පරික්ෂා කරන ලෙසට කළ ඉල්ලීමට අනුව පරිසර සංවිධාන පැමිණ එහි සත්‍ය අසත්‍යතාව තේරුම් ගත්තා .ඒ වනවිටත් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු වගකිවයුතු නිලධාරීන් සියල්ල මේ පරික්ෂා කර තිබුණා .ඒ වනවිට සමාජය තුළ ගොඩනැගී තිබුණු බොරු ප්‍රචාර හේතුවෙන් ජනතාව බිය වී සිටියා. එතනින්ම එම ව්‍යාපෘතිය නතර වුණා . පසුව රජයේ ඉඩම් අක්කර හැටහයක්(66)තාඹුගල විසින් ඉල්ලා සිටියා.ඇමෙරිකානු ඩොලර් මිලියන හත්සිය අසූවක (780) ආයෝජනයක් කර කර්මාන්තශාලා මේ සහ ඉදිකිරීම සඳහා ඔහු ඉල්ලීමක් කළා .මේ වන විට රාජාංගන ප්‍රදේශයේ ආයෝජකයා විසින් ඇමෙරිකානු ඩොලර් පහලොවක (15 )පමණ පමණ මුදලක් කෝමාරිකා ව්‍යාපෘතියට කැමැත්ත දැක්වූ ගොවීන්ගේ ඉඩම් වල යටිතල පහසුකම් සහිතව සංවර්ධනය සහ වියදම් කර තිබුණා .ඒ යටිතල පහසුකම් අතර සූර්ය පැනල ව්‍යාපෘතිය පවා ඇතුළත් වුණා .මේ කර්මාන්ත ශාලා සඳහා පළමු අදියරට ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්දහසක් (3000) ආයෝජනය කිරීමට සැලසුම් කර තිබුණා. මේ කරුණු සැලකිල්ලට ගෙන 2021.08 27 වන දින එවකට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ මම කැබිනට් පත්‍රිකාවක් දමා එයට අත්සන් කළා .නමුත් විවිධ හේතු මත එය ද ක්‍රියාත්මක නොවූ අතර කැබිනට් පත්‍රිකාව කාලය ඉක්ම වීම නිසා අවලංගු වුණා. අවුරා ලංකා හිමිකරු සමඟ මගේ පුද්ගලික හිතවත් කමක් නෑ .ඔහුට විවිධ කණ්ඩායම් විවිධ චෝදනා කරනවා .මම ඉල්ලා සිටිනවා මඩගැසීම් මඩ ගැසීම් නොකර යම් චෝදනාවක් ඇත්නම් රටේ නීතියක් තියනවා ඒ අනුව කටයුතු කරන්න කියා .මේ පුද්ගලයා කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන ව්‍යාපාරයකට මෙතෙක් සම්බන්ධ වී නැති බව යැයි චන්ද්‍රසේන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

අනුරාධපුර – තිසර 

Leave a comment

Your email address will not be published. Required fields are marked *