• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සාගර දූෂණය වැළැක්වීමට INSEE ECOCYCLE සහ MAS Foundation for Change එක්වෙයි

25 August 2023
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ප්ලාස්ටික් ආශ්‍රිත පරිසර දූෂණය පිළිබඳ ගැටලු අවම කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන MAS Holdings අනුබද්ධිත ලාභ නොලබන සංවිධානයක් වන MAS Foundation for Change සමඟ අත්වැල් බැඳ ගැනීම පසු ගිය දා සිදු විය.

සියම් සිටි සිමෙන්ති පොදු සමාගම ලෙස ද හැඳින්වෙන INSEE සිමෙන්ති සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන් ම, ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් ලබා දීමේ පුරෝගාමියෙකු වන INSEE Ecocycle, පිරිසිදු සාගරයක් ප්‍රති නිර්මාණය කිරීම හරහා ජීවය ශක්තිමත් කිරීම, ජලයේ පිරිසිදු බව සහතික කිරීම සහ ප්ලාස්ටික් ආශ්‍රිත පරිසර දූෂණය පිළිබඳ ගැටලු අවම කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි. 

මෙම සංවිධාන, ගාල්ලේ පළාත් පාලන ආයතන සමඟ එක් ව, සාමුද්‍රීය අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජලයෙන් වෙන් කිරීම සඳහා මොරගොඩ ඇළේ Ocean Strainer නමින් හැඳින්වෙන පාවෙන පාලිත බාධකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දූෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ද වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මෙම පාලිත බාධකය MAS ආයතනය විසින් නිර්මාණය කරන ලද සරල මෙන් ම ලාභදායී ලෙස ජලයෙන් කුණු වෙන් කරන විසඳුමක් වන අතර, එය යම් ඇළ මාර්ගයක සවි කළ විට අපද්‍රව්‍ය සාගරයට ළඟා වීමට පෙර බාධකය මඟින් රැස් කරයි.

මෙසේ Ocean Strainer මඟින් වෙන් කර ගන්නා අපද්‍රව්‍ය ගාල්ල මහ නගර සභාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ අංශ වෙත යොමු කෙරෙයි. ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍ය INSEE සමාගමේ සිමෙන්ති පෝරණුවල සිමෙන්ති උඳුන් සහසැකසුම සඳහා යොමු කෙරෙන අතර, එමඟින් හානිකර ලෙස කාබන් විමෝචනයකින් තොර ව එම අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ම දැවීම සිදු වේ. මෙය සාම්ප්‍රදායික කුණු කඳුවලට බැහැර කිරීම හෝ පුළුස්සා දැමීමේ ක්‍රමවේදවලට වඩා හාත්පසින් ම වෙනස් වන අතර, අපද්‍රව්‍යවල පාරිසරික බලපෑම අවම කරමින්, අපද්‍රව්‍ය වටිනා සම්පත් බවට පරිවර්තනය කරයි.

“ප්ලාස්ටික් ආශ්‍රිත දූෂණය සාගර ජීවීන්, පරිසර පද්ධති සහ මානව පැවැත්මට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරමින්, වර්තමානයේ පැන නැඟී ඇති ප්‍රබලතම ගෝලීය අභියෝගයක් බවට පත් වී තිබෙනවා. මෙම තීරණාත්මක ගැටලුවට විසඳුම් සෙවීම සඳහා MAS Foundation for Change සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. ” යනුවෙන් INSEE Ecocycle Lanka (Pvt) Ltd සමාගමේ සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසීය. “අපගේ ශක්තීන් හා සම්පත් ඒකාබද්ධ කිරීමෙන්, ප්ලාස්ටික් ආශ්‍රිත පරිසර දූෂණය වැළැක්වීම සහ ශ්‍රී ලංකාවේ වටිනා ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම වෙනුවෙන් සැලකිය යුතු කාර්‍යභාරයක් ඉටු කළ හැකි බව මම විශ්වාස කරනවා. මෙම සහයෝගීතාව මඟින් තිරසාරත්වය ස්ථාපිත කිරීම සඳහා අපගේ කැපවීම වගේ ම මේ රටේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස අප අපගේ වගකීම් ඉටු කිරීම පිළිබඳ ව උදාහරණ සපයනවා.” යනුවෙන් ගුණවර්ධන මහතා නැවතත් අදහස් දැක්වීය.

දශක දෙකකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වෙමින්, විශේෂඥ දැනුමක් සහිත INSEE Ecocycle, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය බැහැර කිරීම, අපද්‍රව්‍ය ප්‍රතිසාධනය සහ සමස්ත අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් හඳුන්වා දීම යන ක්ෂේත්‍ර ආශ්‍රිතව සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

එමෙන් ම ජෛව විවිධත්වයට සිදු වන අහිතකර බලපෑම්, සාගර දූෂණය සහ පානීය ජලය දුලබ වීම නිසා නිර්මාණය වන සාමාජීය හා පාරිසරික අභියෝගවලට විසඳුම් සෙවීම අරමුණු කරගත් ස්වාධීන, ලාභ නොලබන සංවිධානයක් වන MAS Foundation for Change විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

2022 වසරේ දී MAS Holdings විසින්, MAS Foundation for Change හරහා Ocean Strainer ස්ථාපනය කිරීම ආරම්භ කළ අතර, වර්තමානය වන විට ස්ථාපිත Ocean Strainer සංඛ්‍යාව 30 කි. මෙම Ocean Strainer සියල්ලක් ම මෙරට දූෂණය වැඩියෙන් ම පවතින ගංගා, අතු ගංගා සහ ඇළ මාර්ග ආශ්‍රිතව ස්ථාපනය කර ඇති බව ද පැවසිය යුතු ම කරුණකි.

මෙම සහයෝගීතාව හරහා, INSEE Ecocycle සහ MAS Foundation for Change එක් ව, ප්ලාස්ටික් ආශ්‍රිත දූෂණය වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජය, අනෙකුත් සංවිධාන සහ පුද්ගලයන් පෙළඹවීමට අරමුණු කරයි. “සාමූහික ව ක්‍රියාත්මක වීම හරහා ප්ලාස්ටික් ආශ්‍රිත දූෂණයට එරෙහි ව නව විසඳුම් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරනවා. නවෝත්පාදකයින්, වැඩසටහන් ක්‍රියාත්මක කරන්නන්, සහ පරිත්‍යාගශීලීන් සමඟ සබඳතා ඉහළ නංවා ගැනීම මත අපගේ මෙහෙයුම් ආකෘතිය පදනම් වී තිබෙනවා.” යනුවෙන් MAS Foundation for Change හි අධ්‍යක්ෂිකා ශාරිකා සේනානායක මහත්මිය අදහස් දක්වමින් පැවසුවාය. එමෙන් ම INSEE වැනි ප්‍රමුඛ පෙළේ සමාගමක් සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට හැකි වීම තුළින් වර්තමාන ලෝකය මුහුණ දෙන දැඩි පාරිසරික අභියෝගවලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය ප්‍රශස්ථ කර ගැනීමට හැකි වන බව ද සේනානායක මහත්මිය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.

INSEE සහ MAS Foundation for Change, තිරසාරත්වය ගොඩ නැංවීම වෙනුවෙන් මෙන් ම පිරිසිදු මෙන් ම සෞඛ්‍ය සම්පන්න ලෝකයක් නිර්මාණය කිරීම සඳහා එක් ව කැප වන අතර, මෙම සමාගම් දෙක මෙරට ප්‍රමුඛතම සමාගම් ද්විත්වයක් ලෙස, නව තාක්‍ෂණය සහ විවිධ වැඩසටහන් සඳහා ආයෝජනය කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම පාරිසරික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා පෙරමුණ ගෙන සිටී.

පිටපත – PR

Post Views: 16
Previous Post

වාණිජ බැංකු පොලී අනුපාතය අඩු කෙරෙන චක්‍රලේඛය අද දිනයේ නිකුත් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් අනිවාර්යයි – මන්ත්‍රී ඉරාන්

editor

editor

Next Post

ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් අනිවාර්යයි - මන්ත්‍රී ඉරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved