27 April 2024
#දේශීය

වාණිජ බැංකු පොලී අනුපාතය අඩු කෙරෙන චක්‍රලේඛය අද දිනයේ නිකුත් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

වාණිජ බැංකු පොලී අනුපාතිකය අඩු කිරීම සඳහා වන චක්‍රලේඛය අද දිනයේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යටියන්තොට නගරයේදී අද (25) දහවල් පැවති වැඩසටහකනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පැවති ආර්ථික වාතාවරණය හමුවේ ගණුදෙනුකරුවන් අධෛර්මත් කර උද්ධමනය පාලනය කිරීමේ අරමුණෙන් බැංකු පොලී අනුපාතකය ඉහළ නැංවූ බවයි.

ඒ අනුව උද්ධමනය පහළ ගොස් ඇති බැවින් මහ බැංකුව විසින් දෙවතාවකදී බැංකු පොලී අනුපාතිකය පහළ දැමූවද වාණිජ බැංකු ඒ අනුව කටයුතු නොකළද මේ වතාවේ නව බැංකු පොලී අනුපාතික නීතියක් බවට පත් කරමින් අද දිනයේදී නව චක්‍රලේඛය නිකුත් කරන බවයි.

ඒ අනුව නව උකස් පොලී අනුපාතිකය 18% ක් ලෙසත් , බැංකු අයිරා පොලී අනුපාතිකය 23% ක්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 28% ක් ආදී වශයෙන් පොලී අනුපාතිකයන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *