මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ගං වතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පිරිස හරියාකාරව ගණනය කර නොමැති බවත් අපදා කළමනාකරණ අංශ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිකුත් කරන සංඛ්‍යා ලේණනවල අඩුපාඩු තිබෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
රජය අධාර දීම අවම කරන්න , භාණ්ඩාගාරයේ සල්ලි ටික ඉතුරු කරගන්න නිවැරදි සංඛ්‍යා ලේඛන පෙන්වීමෙන් වැළකී සිටිනවාදැයි සැකයක් මතුව තිබෙන බවද ඒ මහතා හෙතෙම සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධික පතිරණ මහතා ‘‘නිල්වලා ගඟේ ඉදිකළ ලවණ බාධකය යහපත් චේතනාවෙන් කළ ව්‍යාපෘතියක් වුවත් ඒ ව්‍යාපෘතිය සඳහා 2020 සිට සිදුකළ වෙනස්කම් නිසා කෘෂිකර්මාන්තයට / දෛනික ජන ජීවිතයට / රටේ සහ භාණ්ඩාගාරයටත් බරපතල හානි සිදුවන ව්‍යාපෘතියක් බවට පත්වී ඇති බව ගොවි සංවිධාන ප්‍රකාශ කරනවා. 2020 ට පෙර සකස් කළ මූලික ව්‍යාපෘති වාර්තාව ක්‍රියාත්මක කරන්න නැතිනම් යකඩ තහඩු මගින් ලවණ බාධකට දෙපස ඉදිකර තිබෙන බාධාක ඉවත් කරන්න කියලා ගොවි සංවිධාන / සජිත් ප්‍රේමදාස / කියපු කාරණා අපහාසුවෙන් උපහාසයෙන් බැහැර කළා. අවසානයේදී කඩිනම් පියවරක් අරගෙන මේ තහඩු ඉවත් කරන්න පියවරක් අරගෙන තිබෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේ අරගල කළා ගොවිජනතාව අරගල කළා. අපි ජීවන් තොන්ඩමන් ඇමැතිවරයාට මේ බව පැහැදිලි කරලා දුන්නට පස්සේ යකඩ තහඩු මගින් ලවණ බාධකට දෙපස ඉදිකර තිබෙන බාධාක ඉවත් කරන්න ඊයේ තීරණයක් අරගෙන තිබුණා. යකඩ තහඩු මගින් ලවණ බාධකට දෙපස ඉදිකර තිබෙන බාධාක ඉවත් කිරීමේ තීරණය මීට කලින් අගෙන තිබුණානම් ගංවතුර තත්ත්වය ඇතිනොවෙන්න තිබුණා. නැතිනම් ගංවතුරෙන් වුණ හානිය අවම කර ගන්න තිබුණා. ඒ සියල්ල නොසලකා හැරීම නිසා ජනතාවට ගං වතුරින් දැඩි වෙල පීඩා විදින්න සිදුවුණා. ලවණ බාධකය ඉදිකරන්න පෙර ගොවීන්ගේ කන්න 7 ක් පාඩු වෙලා තියෙනවා. ලවණ බාධකය ඉදිකිරීමෙන් පස්සේ කන්න 2 ක් පාඩු වෙලා. දැනට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආණ්ඩුවෙන් ඉල්ලා තියෙනවා රුපියල් මිලියන 1208 ක් වගා හානි වෙනුවෙන්. ලවණ බාධකය හදන්න ගිහින් තියෙනවා රුපියල් මිලිනය 3000 යි. ලවණ බාධකය ඉදිකරන්න ගිය මුදලින් බාගයක් පමණ ලවණ බාධකය නිසා ඇතිවුණ වගා හානි වලට ගෙවන්න සිදුවෙලා තියෙනවා. ගංවතුර නිසා දේපළ / ජීවිත / වගා හානි තියෙනවා. මේ හානි වලටත් වන්දි ගෙවන්න සිදුවෙලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයට දරුණුම ගං වතුරක් ඇවිත් තියෙන්නේ 2017 වසරේදී. ඒ ගං වතුර තත්ත්වයටත් වඩා අඩුවෙන් මේ පාර ගං වතුර තත්ත්වය ඇතිවෙලා තියෙනවා. මෙවර ගං වතුර දවස් 10 ක් පමණ ගියත් ගලා නොයා රැඳී තිබෙනවා.තවම ගං වතුර තත්ත්වය අඩුවෙලා නෑ. මේ නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. කඹුරුපිටිය / තිහගොඩ / කිරින්ද / අකුරැස්ස / දෙවිනුර ප්‍රදේශවල අපදා අංශවලට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නිකුත් කරන සංඛ්‍යා ලේණනවල අඩුපාඩු තියෙනවා. ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක සංඛ්‍යා ලේඛන ඇතුළත් කරලා නෑ. අපදාවට ලක්වුණ පිරිස් හරියාකාරව ගණනය කරලා නෑ. රජය අධාර දීම අවම කරන්න , භාණ්ඩාගාරයේ සල්ලි ටික ඉතුරු කරගන්න ඇත්ත සංඛ්‍යා ලේඛන පෙන්වීමෙන් වැළකී සිටිනවාදැයි සැකයක් තිබෙනවා. රජය මැතිවරණ තියන්නේ නැතුව මුදල් ඉතිරි කරගෙන ආපදාවට ලක්වු ජනතාවට විධිමත්ව ප්‍රතිපාදන වෙන්කරන බවක් පෙනෙන්ට නෑ. යකඩ තහඩු මගින් ලවණ බාධකට දෙපස ඉදිකර තිබෙන බාධාක ඉවත් කරලා ඊළඟ ක්‍රියාමාර්ගය පැහැදිලිව සැලැසුම් සහගතව කටයුතු කරන්න ඕන. තාවකාලිකව වතුර ඉවත් කරලා වතුර ඉවත් කරනවා වගේම පායන කාලයකදී නැවත මේ ආකාරයටම තහඩු ගහලා ලවණ බාධකය නිර්මාණය කරන්න යනවානම් නැවත ගංවතුරකදී ඇතිවෙන්නේ ඛේදවාචකයක්. ලවණ බාධකය හැදුවේ ගඟේ පටුම තැන. ලවණ බාධකය හරහා වතුර බහින්නේ නැති වුණාම එතනින් තවත් කෘතිම ගගක් කපලා.ගගේ පටුම තැන දැන් පළලම තැනක් බවට පත්වෙලා. එකක් කඩතොලු හදන්න ගොස් අනේ මට වුණ කාරියා හතක් කඩතොලු හදාගත්තැයි ඉදුරුවේ ආචාරියා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. මුල ඉදලා අපි කියපු විදිහට හකුලන ගේට්ටු සහිත ලවණ බාධකයක් හදන්න ඕන. දැන් කරපු වැටේට බිලියන 3 ක් යටකරලා තියෙනවා. නිල්වලා ගගේ ව්‍යාපෘතිය සමඟ ආරක්ෂිත සහ අනාරක්ෂිත කියලා ප්‍රදේශ දෙකක් තියෙනවා. ආරක්ෂිත ප්‍රදේශයේ ජලය බැස යන්න පොම්පාගාර තුනකින් ජලය ඉහිනවා. පොම්පාගරවලින් ජලය ඉවත් කරන්න ඊයේ වෙනකොට ඩීසල් සඳහා මිලියන 30 ක් ගිහින් තියෙනවා.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.