27 April 2024
#දේශීය

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නව ලේකම් එම්.ඩබ්ලියු.ජගත් කුමාර වැඩ බාරගනී

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එම්.ඩබ්ලිව්. ජගත් කුමාර මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා ලෙස අද (10) රාජකාරි ආරම්භ කළේය.

ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිය පිලිබඳව උපාධිධාරියෙකු ද වේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන එම්.ඩබ්ලියු.ජගත් කුමාර මහතා මීට පෙර ජනාධිපති කාර්‍යාලය, අග්‍රාමාත්‍ය කාර්‍යාලය, නිවාස අමාත්‍යාංශය ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවක සේවය කර තිබේ.
එම්.ඩබ්ලිව්. ජගත් කුමාර මෙම තනතුරට පත්වීමට පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ සහකාර ලේකම්වරයකු ලෙස හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස සේවය කළේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වැනි පන්තියට ඇතුළත්ව ඇති හෙතෙම කළමනාකරණ සේවා නිළධාරියෙකු ලෙසද මීට පෙර සේවය කර තිබේ.

රාජ්‍ය සේවයේ වසර 25ක අත්දැකීම් ඇති එම්.ඩබ්ලියු.ජගත් කුමාර මහතා මේ වනවිට ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ සිටින පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිළධාරියකුද වේ.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *