• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මව්බිම ජනතා පක්ෂයේ ජාතික මූලස්ථානය දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

11 October 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සතුටු දැයක් නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නව්‍යකරණයේ පෙර මග සලකුණු සනිටුහන් කරන මව්බිම ජනතා පක්ෂයේ ජාතික මූලස්ථානය අංක 11, උද්‍යාන මාවත, කොළඹ 08 දරණ ස්ථානයේ දී පක්ෂ නායක දිලිත් ජයවීර මහතා‌ගේ ප්‍රධානත්වයෙන්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණ.

ශ්‍රී ලංකා දේශපාලන අවකාශය තුළ ඇතිවී තිබෙන වර්තමාන රික්තකය සාධනීය ලෙස සපුරාලීමේ අරමුණින් කෙටිකාලීන හා දිගුකාලීන ආර්ථික, සමාජ, දේශපාලන තිරසාරත්වය නැවත ළඟා කර ගැනීමත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සතුටු දැයක් නිර්මාණය කිරීමත්, මව්බිම ජනතා පක්ෂයේ පෙර දැක්ම වී ඇත.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා එම පක්ෂ මුලස්ථානය විවෘත කරමින් සිය පක්ෂයේ ඉදිරි ගමන්මග සහ වැඩපිළිවෙළ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.” අද සුවිශේෂී දිනයක් , ”සතුටු දැයක්” නිර්මාණය කිරීමේ තේමාව යටතේ සුහුරු ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව, ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම බල ගැන්වීම වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ ජාතික මුලස්ථානය විවෘත වෙනවා. මේ රට ව්‍යවසායකයන්ගේ තෝතැන්නක් බවට පත්විය යුතු බව මා දැඩිව විශ්වාස කරනවා. නිදහසින් පසු අපේ රට තුළ දිගින් දිගටම ඇතිවූ සමාජ, ආර්ථික දේශපාලන තත්ත්වයන් පිටුපස තිබු ජාතික උපාය මාර්ගික ප්‍රවේශයන් හි අඩුව පුරවාලමින් ඉහළ දේශපාලන සාක්ෂරතාවයකින් හෙබි ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණය කළ යුතු වෙනවා. එමගින් සහභාගිත්ව දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තුවනවා.

ශ්‍රී ලාංකික අපගේ ජාතික සභ්‍යත්වය පිළිබඳ පොදු නිර්වචනයක් තුළින් මේ වන විට විවිධ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ජාති, ආගම් වශයෙන් බෙදී ඇති මව්බිමේ සියලු බෙදීම් අතික්‍රමණය කළ යුතුයි. එහිදී සියලු දෙනාම එකම රටක් තුළ එකම හද ගැස්මකට ඇතුළත්, එකාවන්ව නැගී සිටින හැඟීම ඔවුනොවුන්ට දැනෙන ජාතික මතවාදයක් ජන ගත කළ යුතු බව මා විශ්වාස කරනවා. ඒ හැඟීම තුළින් දීර්ඝ කාලයක් පුරා අප මුහුණ දෙමින් සිටින අන්‍යොන්‍ය අවිශ්වාසය තුරන් කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් අපි මව්බිම ජනතා පක්ෂය හරහා ඉදිරියේදී දියත් කිරීමට සූදානම්” යැයි පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද මව්බිම ජනතා පක්ෂයේ ඉදිරි දැක්ම මෙසේ සඳහන් කළේය. ”විශේෂයෙන්ම කෙටි කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික පසුබෑම නැවත සුබවාදී දිශානතියකට හරවාලීම උදෙසා විද්‍යාත්මක ආර්ථික වැඩපිළිවෙළක් සහ විද්‍යානුකූල දැක්මක් සහිත ආර්ථික ප්‍රතිපත්තියක් සමාජගත කළ යුතුයි. එමගින් දුර්මත මත පදනම් වූ යෝජිත වෙනස්කම් වෙනුවට වඩාත් ප්‍රශස්ත විසඳුම් මාලාවක් සාකච්ඡාවට භාජනය කළ යුතු වනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රට හැරයාම වළක්වාලමින් සුහුරු ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කර විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය සැදී පැහැදී කටයුතු කිරීමට සුදානමින් සිටිනවා. ”

මෙම අවස්ථාවට සහභාගී වූ මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා ද අදහස් දක්වමින් පක්ෂයේ ක්‍රියාපටිපාටිය පිළිබඳ මෙසේ පැවසීය. ”මේ මාතෘභූමියේ දේශපාලන අවකාශය තුළ අන් මත නොඉවසීමේ සංස්කෘතිය වෙනුවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සියලු අදහස් වෙත විවෘත මනසකින් සවන් දිය හැකි සමාජයක් සහ ඒ හරහා ප්‍රශස්ත වූත්, සහෘද වූත්, දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා.”යැයි පැවසීය.

Post Views: 12
Previous Post

කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සහ සීබීසී රක්‍ෂණ ආවරණ සඳහා ක්‍රියාශීලි හවුල්කාරිත්වයකට පිවිසෙයි

editor

editor

Next Post

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සහ සීබීසී රක්‍ෂණ ආවරණ සඳහා ක්‍රියාශීලි හවුල්කාරිත්වයකට පිවිසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025
අධිවේගයට සැප බස් 200 ක්

අධිවේගයට සැප බස් 200 ක්

25 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved