වැඩ වර්ජනයක් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කිරීම තුළ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් සිටින අවස්ථාවක ඒවා කඩා කප්පල් කළ විට රටේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවට එයට බාධා පැමිණෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය 28 වනදා රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ තරුණ හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පල කල මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා “ බංකොලොත් වූ රට යථාතත්ත්වයට පත්කරමින් රට නිසි මගට ගෙන යාමට කටයුතු කරන අවස්ථාවක සියලු ජනතාව කල්පනාවෙන් ක්‍රියාකළ යුතු යි. රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමේ දී පෞද්ගලික අංශයේ සේවකයින් උපයන මුදලින් හා සංචාරක ව්‍යාපාරයන්හී යෙදෙන අය ලබාදෙන බදු මුදල් වලින් වැටුප් ගෙවීම සිදුවනු ඇත. රජයේ සේවකයන්ගේ ආයතනවලින් ආදායම් උපැද්දවීමක් සිදුනොකළත් රටක රාජ්‍ය සේවය පරිපාලනමය අවශ්‍යතා සඳහා යෙදවීම කළ යුතුව ඇත. තම තමන්ගේ දේශපාලන වෙනස්කම් එසේ තබාගෙන රට ගැන සිතා වැඩ කරන්න යැයි සියලු දේශපාලන පක්ෂවලින් ජනාධිපතිවරයා ඉල්ලා ඇති අවස්ථාවක එයට එරෙහිව ඇතැම් දේශපාලන පක්ෂ පටු දේශපාලන වාසි සඳහා ක්‍රියා කිරීම කණගාටුදායක කරුණකි. වැඩ වර්ජනයක් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කිරීම තුළ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් සිටින අවස්ථාවක ඒවා කඩා කප්පල් කළ විට රටේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවට එයට බාධා පැමිණෙනු ඇත. සියලු ජනතාවට අමාරුකම් තිබෙන බව ජනාධිපති වරයා හොඳින් දන්නා නිසා තමයි කිසිවෙක් රට බාර නොගන්නා අවස්ථාවක රට බාරගෙන නිසිමගට ගනිමින් සිටින්නෙ. නාධිපතිවරයා ඉතා පැහැදිළිව ප්‍රකාශ කර ඇත්තේ රජයේ සේවකයන්ගේ සහ ඊට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් වැඩි කළ යුතු බවයි. එම කාරණය දැන දැනම වෘත්තිය සමිති ව්‍යාපාර පාරට බැස ඒ සඳහා ලැබෙන ආදායම නැති කිරීමට ක්‍රියා කිරීම සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ අය ලබාදෙන බදු මුදල්, විනාශ කිරීමකි. මෙලෙස වැඩ වර්ජනය කිරීම වැටුප් වැඩි කරන කර්තව්‍ය කඩා කප්පල් කිරීමකි. මෙම වැඩ වර්ජන විදේශීය වශයෙන් මාධ්‍ය හරහා පෙන් වූ විට සංචාරකයන්ගේ පැමිණීම අඩු වූ විට ආදායම උපද්දවන කණ්ඩායමට හානි කළ විට ආදායම් උපද්දවන්නෙ නැති කණ්ඩායම් වලට හානි කිරීම මෙමගින් සිදු වේ. එබැවින් ඉතාම කාරුණිකව ඉල්ලා සිටින්නේ සියලු වෘත්තිය සමිති තම තමන්ගේ දේශපාලන කටයුතු අමතක කර රට ජාතිය ගැන සිතා බංකොලොත් වූ රට ගොඩගැනීම සඳහා කල්පනාවෙන් ක්‍රියා කරන ලෙසයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ වැඩිවෙන බඩු මිළට සමගාමීව වැටුප් වැඩි කිරීමක් සිදුකිරීම රජයේ ප්‍රතිපත්තිය බවයි. ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ කර තිබිය දී මෙවැනි කටයුතු පටු දේශපාලන අරමුණු සඳහා ක්‍රියාවට නැංවීම රටේ අනාගත වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමකි. අප සියලු දෙනා මතක තබා ගත යුත්තේ දැනට මාස හත අටකට ඉහත දී අප ජීවත් වූයේ ගෑස් ලොරියක් දැකපු විට අත්පොළොසන් දෙන සමාජයකයි. මෝටර් සයිකල් කරුවන් දහස් ගණන් තෙල් පිරවුම් හල් වට කරගෙන සිට තෙල් බවුසරයක් ආ විට අත්පොළොසන් දෙන සමාජයකයි. අපිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොළඹ වරායෙන් 2022 මැයි 17, 18, 19 යන දිනවල බාර ගන්න ගිය පුද්ගලයෙකු හැටියට ඒ අවස්ථාවේ දී මාධ්‍ය අපෙන් ඇසූ විට මේ ගැන කුමක් ද කියන්න තිබෙන්නෙ කියලා, මම විශේෂයෙන් ප්‍රකාශ කළේ “ බඩු භාණ්ඩ එව්වාට බොහොම ස්තූතියි, බාර ගන්නෙ බොහොම කණගාටුවෙන්“ යන්නයි. මේ රටේ සියලු දේශපාලන පක්ෂ මතක තබාගත යුත්තේ දුප්පතාගේ හිතවතා දුප්පතා නොවන බවත්, දුප්පතාගේ හිතවතා උගතා සහ පොහොසතා වන බවත්ය. මේ රටේ ජනතාව එම නිවැරදි සටන් පාඨවලින් දැනුවත් කළ යුතුයි. දුප්පතාගේ හිතවතා දුප්පතා නම් මහජනතාව අහිගුණ්ඨක තත්ත්වයට පත්වේ. මේ සටන් පාඨ ඉවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වන නව දේශය ගොඩනැගීම සඳහා තම තමන්ගේ දේශපාලන පක්ෂවල තිබෙන වෙනස්කම් එසේ තබා ගනිමින් එකට එකතු වී ජාතිය ගොඩනැගීම සඳහා ක්‍රියා කරමු. එයයි අප කළ යුත්තේ. මේ රට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බංකොලොත් බාවයෙනුත් නිදහස් කරගෙන ඩීසල්, පෙට්‍රල්, භූමිතලේ අඩු කරලා, විදුලි බිලත් අඩු කරලා ඉදරියට ගමන් කරන ගමන් මග විනාශ කිරීමේ කටයුත්තට මහජනතාව ඉඩ නොදී සිටීමට වග බලාගත යුතුය. 1994 සිට පත් වූ සෑම ජනාධිපතිවරයෙකුටම බලයට පත්වීම සඳහා මේ රටේ වාමාංශික ව්‍යාපාරය විසින් උදව් කර ඇත. එයෙහින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද රට ඉදිරියට ගෙන යන මෙම අවස්ථාවේදී ද සමස්ත වාමාංශික ව්‍යාපාරය ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දිය යුතුව ඇත. එමෙන්ම 1948 වාමාංශික නායකයින්, දෙමළ නායකයින්, මුස්ලිම් නායකයින් ශ්‍රී ලාංකිකයින් ලෙස කටයුතු කළ නිසා ජාතියට නිදහස ලබා ගැනීමට හැකි වුණා. එම සමගිය නැවත ඇතිකර ගතහොත් ආර්ථික නිදහස ජාතියට හිමිවනු ඇත. එය එසේ සිදුවන සෑම මොහොතකම ජාතිය ඉහළ යනු ඇත. ජනතාවගේ ආර්ථික පීඩනය අඩු වනු ඇත. එසේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා විසින් ආර්ථික පීඩනයට සරිලන වේතනයන් රාජ්‍ය අංශයටත්, පෞද්ගලික අංශයටත් ලබා දෙන බව සඳහන් කිරීමට කැමැත්තෙමි යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.