• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නඟාසිටුවිය හැකියි – ජනපති

15 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවයි.

රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.

දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු විසින් 2024 අය වැය සහ එහි පදනම පිළිබඳව මෙහිදී දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ රටක් ලෙස ඉදිරියට යන විට රාජ්‍ය වියදම් සීමා කළයුතුයි.රාජ්‍ය වියදම් සීමා කිරීම වෙනුවෙන් තීන්දු තීරණ රැසක් අප මෙවර අයවැයෙන් ගෙන තිබෙනවා. ඒ වගේම මහ බැංකුවේ නීතිය අනුව අපට දැන් මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ලබාගැනීම සිදු කළ නොහැකියි. ඒ වගේම ආණ්ඩුවට බාහිර වෙළෙඳපළින් ලබාගත හැකි ණයත් සීමා වී තිබෙනවා. මේ වන විට අපිට විශාල මුදලක් ණය වශයෙන් නැවත ගෙවීමට තිබෙනවා. විශේෂයෙන් බෞද්ධ ආර්ථික දර්ශනය අනුව රජයේ වියදම් පාලනය කිරීමට අප කටයුතු කර තිබෙනවා. දැන් තිබෙන්නේ ආදායම් උත්පාදනය කර ගනිමින් ඉදිරියට යාමයි. අපේ රටේ මෙතෙක් පැවති ආර්ථික ක්‍රමය සාර්ථක වී නැහැ. 1972 සම්පුර්ණයෙන් සමාජවාදී ආර්ථිකයකට ගොස් 77දී ආර්ථිකයෙන් කොටසක් විවෘත කළා. ආර්ථිකය විවෘත කර රාජ්‍ය සංස්ථා ඇති කර රජයේ පාලනය යටතේ මෙය ඉදිරියට ගෙන යන්න බැහැ. සිංගප්පුරුව, මැලේසියාව වැනි දියුණු රටවල ආර්ථිකය අද සම්පූර්ණයෙන් රජයේ පාලනයෙන් ඉවත් කර තිබෙනවා. මේ අය වැයෙන් ලංකාවේ විශාලම පුද්ගලීකරණය අප සිදු කරනවා. ඒ තමයි ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් ලබාගත් ගොවින්ටත්, සාමන්‍ය ජනතාවටත් මේ ඉඩම්වල සම්පුර්ණ සින්නක්කර අයිතිය ලබා දීම. ඒ වගේම විශේෂයෙන්ම රජයේ මහල් නිවාසවල සිටින අයටත් ඒ අයිතිය ලබා දෙනවා. රටේ ආර්ථිකය වෙනුවෙන් අපි රුපියල් බිලියන 500යි, ට්‍රිලියනයයි අතර වත්කම් ඇතුල් කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාව අළෙවි කර, මේ සියලු සේවා වන් එකතු කළත් මෙපමණ මුදලක් ලැබෙන්නේ නැහැ. මේවායේ නිෂ්පාදන කටයුතු දැන් ඉහළ නැංවිය හැකියි. එය අප ගත් විශාල පියවරක් ලෙස මම දකිනවා. මෙය තමයි ලංකාවේ තිබෙන විශාලම පෞද්ගලීකරණය.
අපි කිසිදු අවස්ථාවක සාමාන්‍ය ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දුන්නේ නැහැ. අපි ෂ්‍රැංග්‍රිල්ලා හෝටලයට ඉඩම් අයිතිය දුන්නා. නමුත් සාමාන්‍ය ජනතාවට මෙය ලබා දුන්නේ නැහැ. දැන් එය සිදු කර තිබෙනව. අපි මහවැලිය ආරම්භ කළේ එම ඉඩම් ජනතාවට ලබාදීමට. නමුත් සී කලාපයේ හෝ එච් කලාපයේ ඉඩම් ජනතාවට ලබා දීම සිදු කළේ නැහැ. දැන් මේ සියල්ල ජනතා අයිතියට පත් කර තිබෙනවා. නව ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ දැන් අප ආරම්භ කර තිබෙනවා. ඉතා තරගකාරී ආර්ථිකයක් හා වෙළෙඳපොළක් අපට අවශ්‍ය නිසා RCEP සංවිධානය සමග මෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය සමගත් යුරෝපා සංගමය සමගත් අපේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමට කටයුතු කරනවා. අපි තරගකාරී ආර්ථිකයක් බවට පත්විය යුතුයි. තරගකාරි නොවන ව්‍යාපාර තරගකාරී කර ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා අප වෙනම ආධාර ලබා දෙනවා. ආර්ථිකය ගොඩනැගිමේ කෙටිකාලීන වැඩසටහන් ලෙස අප කෘෂිකර්ම සහ ධීවර නවීකරණ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. අපි කෘෂිකර්මය නවීකරණය කරනවා නම් රටේ විශාල කෘෂි ආර්ථිකයක් යළි ඇති කළ හැකියි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට සහ මෙරටට පැමිණෙන සංචාරකයන් මිලියන 05 දක්වා වැඩිකර ගැනීමටත් අපි පියවර ගෙන තිබෙනවා. ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළද රජය දැන් ආරම්භ කර තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය ඇතුළු නව තාක්ෂණය සමග ඉදිරියට යාමට අප කටයුතු කර තිබෙනවා. මෙතෙක් ඒ පිළිබඳ අවධානය යොමුව තිබුණේ නැහැ.
මේ සියලු කටයුතු සඳහා අපට නව මානව සම්පතක් අවශ්‍යයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩු පාඩු මගහරවා ගනිමින් නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නව විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා රජයේ වගේම රජයේ නොවන අංශවලටද අවස්ථාව ලබා දීමට නව නීති ගෙන එනවා. එම විශ්වවිද්‍යාලවලින් ගාස්තු අය කරනවා නම් ශිෂ්‍යයන්ට රජයෙන් සහන ණයක් ලබා දෙනවා. ඒ වගේම අතපසු වූ වෘත්තීය පුහුණු අංශය අලුතින් සංවිධානය කර මේ සිල්ල පළාත් සභා 09 යටතේ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. පළාත් සභාවලට අපනයන ආර්ථිකය සඳහා සහාය දැක්විය හැකි අන්දමින්, පැවති සීමා ඉවත් කර තිබෙනවා. ඒ වගේම අපි නව රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි. අපි මෙම කටයුතු 2030 වන විට කළයුතුයි. ඊට වඩා කාලයක් අපට නැහැ. ඒ නිසා මෙම 2024 සිට නව ආර්ථිකය ගොඩනැගීමේ වැපිළිවෙළ අපි ආරම්භ කරනවා. ඒ වගේම අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. කොමිෂන් සභා ඇති කර තිබෙන අතර පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ඒවායේ වැඩකටයුතු ක්‍රියාත්මක වන අතර වාර්තා කිහිපයක් මට ලබා දී තිබෙනවා. ඒ අනුව විධායකයේ වැඩකටයුතුවලට පාර්ලිමේන්තුවේ සහාය හිමි වෙනවා.
එසේම දුෂණ විරෝධි පනත සම්මත කරගෙන තිබෙන අතර මතුව තිබෙන ප්‍රශ්න විසදා ගනිමින් ව්‍යවස්ථා දායක සභාවෙන් එම කණ්ඩායම් පත් කරන තෙක් මම බලා සිටිනවා. ඒ වගේම අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ පරිදි “රජයේ පාලන විශ්ලේෂණය” ක්‍රියාත්මක කිරීමට අපට ලබා දී තිබෙනවා. එය සිංහල සහ දෙමළ භාෂාවෙන් ලැබුණු පසු එය රජය විසින් පිළිගෙන ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට භාර දෙනවා. එය ක්‍රියාත්මක වෙනවද කියා සොයා බැලීමට පාර්ලිමේන්තුවේ තව අධීක්ෂණ කමිටුවක් පත් කිරීමද අපේක්ෂාවයි. දුෂණය පිළිබඳ සෙවීමට මෙන්ම එය වැළැක්වීමට මේ තුළින් අප බලාපොරොත්තුවන බව කිවයුතුයි. එමෙන්ම එක්සත් රාජධානිය සිදු කළ අන්දමින් පාර්ලිමේන්තු ප්‍රමිතින් පිළිබඳ කෙටුමපත ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා. රටේ දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව පැවසුවා. ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් අප මේ වන විට කරුණු දෙකක් ඉටු කර තිබෙනවා. රටේ පවතින දේශපාලන ක්‍රමය දෙස අවධානය යොමු කර එය ඉදිරියට ක්‍රියාත්මක කරනවාද, නැත්නම් සංශෝධන අවශ්‍යද කියා සොයා බැලීමට මම කොමිෂමක් පත් කර තිබෙනවා. දේශපාලන පක්ෂ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ පාලනය කරන්නේ කෙසේද හා මැතිවරණ නීති සහ මැතිවරණ වියදම් පාලනය කරන්නේ කෙසේද කියා සොයා බැලීම එමගින් සිදු කරනවා. ඒ සමගම ජන සභා ක්‍රමය ඇති කිරීමට මම බලාපෙරොත්තු වෙනවා. එක වසරක් තුළ ක්ෂේත්‍ර කිහිපයක මෙම වෙනස්කම් සිදු කර තිබෙනවා. මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙන්නේ එම පසුබිම තුළ බව කිවයුතුයි ” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

රටේ ආර්ථීක අර්බුදයට ගෝඨාභය, මහින්ද, බැසිල් වගකිවයුතුයි

Next Post

ක්‍රිකට් නිසා කෝප් කමිටුවත් ජනාධිපතිත් රටේ සහ පාර්ලිමේන්තුවේ නීති උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

ක්‍රිකට් නිසා කෝප් කමිටුවත් ජනාධිපතිත් රටේ සහ පාර්ලිමේන්තුවේ නීති උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved