• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ජනතාව වැට් එකෙන් ෆ්ලැට් වෙලා.. – මන්ත්‍රී මයන්ත

11 January 2024
in දේශීය, පුවත්
රටේ ජනතාව වැට් එකෙන් ෆ්ලැට් වෙලා.. – මන්ත්‍රී මයන්ත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවට ටින් අංකයක් (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක්) ලබාගන්නා ලෙස ආණ්ඩුව ප්‍රකාශ කළත් ඒ පිළිබඳව ආණ්ඩුව නිසායාකාරව ප්‍රකාශ කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රටේ පවතින බදු ප්‍රතිපත්තිය පිළිබඳව ආණ්ඩුව ජනතාවට නිවැරදි ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් ආණ්ඩුව වැට් බද්ද හරහා ජනතාව දැඩි අපහසුතාවයකට දැඩි පීඩනයකට ලක්කර ඇති බව මන්ත්‍රීවරයා පැවසිය.

ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති අවස්ථාවක විශාල මුදලක් වියදම් කර රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද නෞකා යැවීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව ගැටලුවක් තිබෙන බවත් අවසානයේ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන මුදල්වල බර දැරීමට සිදුවන්නෙත් ලංකාවේ අහිංසක ජනතාවට බව හෙතෙම කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා ‘‘ජනතාවට ටින් අංකයක් (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක්) ලබාගන්නා ලෙස ආණ්ඩුව ප්‍රතිපත්ති තීරණයක් ගෙන තිබෙනවා. නමුත් ඒ පිළිබඳව ආණ්ඩුව හරියාකාරව තවම ප්‍රකාශ කරලා නෑ. ඒ වගේම ආණ්ඩුව රටේ බදු ප්‍රතිපත්තිය පිළිබඳවත් තවම හරියාකාරව ප්‍රකාශ කරලා නෑ. ආණ්ඩුව වැට් බද්ද හරහා ජනතාව ෆැල්ට් කරලා තිබෙනවා. ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය අපි තරයේ හෙළා දකිනවා. සමගි ජන බලවේග රජයක් යටතේ ජනතාවට සාධාරණයක් වන බදු ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙනවා. සැප්තැම්බර් මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. 2024 ජනාධිපතිවරණයට සමගි ජන සන්ධානය යටතේ පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරඟ කිරිමට නියමිතයි. සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සමඟ වැඩකරන සියලුම සංවිධාන ඒකරාශි කරගෙන ආසන මට්ටමින් පක්ෂය ශක්තිමත් කරමින් ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. ඒ වගේම ජනාධිපතිවරණ ජයග්‍රහනය කර ඉතා ඉක්මනින් මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වෙනවා. මහ මැතිවරණය ජයග්‍රහනය කර නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් තිබෙන ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් බහුතරයක් සමගි ජන සන්ධානය සමඟ එකතු වෙන්න මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා. මේ වසරේ තව මාස කිහිපයක් තුළ ආණ්ඩුවට තිබෙන බහුතරය අහිමිවෙනවා. ඒ අහිමි වීම තුළ මන්ත්‍රීවරු 113 ට වඩා වැඩි ප්‍රමාණයක් විපක්ෂය සමඟ හිටගන්නවා. එ් අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට සිදුවෙනවා. ඒ අනුව ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් තියේවී කියලා අපි විශ්වාස කරනවා. නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් , විදේශ ප්‍රතිපත්තියක් , දේශීය ප්‍රතිපත්තියක් තිබෙන පුද්ගලයාව තමයි ජනතාව ජනාධිපතිවරණයේදී රාජ්‍ය නායකයා ලෙස තෝරාගත යුත්තේ. ඒ වගේම ජනතාව දන්නවා පිරිසිදු කණ්ඩායමක් , රාජ්‍යයක් මහෙයවන්න පුලුවන් කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය සතුව කියලා.ඒ වගේම ඊළග ජනාධිපතිවරණය රටේ තීරණාත්මක මැතිවරණයක් කියලා රටේ තරුණ පරපුරත් දන්නවා. ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබාදිය යුතු අවස්ථා තිබුණත් රතු මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සතු නෞකා යෙදවීම මේ අවස්ථාවේ සිදු නොකළ යුතු දෙයක්. අපේ රට මේ වනවිට දැඩි ආර්ථික ගැටලු රැසකට මුහුණ දීලා තිබෙන්නේ. රතු මුහුදේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්න පුලුවන් ශක්තිමත් රටවල් ලෝකයේ තිබෙනවා. ලංකාව බංකොලොත් වෙලා තිබෙන මොහොතක විශාල මුදලක් වියදම් කරලා රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව යැවීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. රතු මුහුදේ ආරක්ෂාව පිළිබඳව වගකීමක් ලංකාවට නෑ. අවසානයේ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන මුදල්වල බර දරන්න වෙන්නේ රටේ ජනතාවට “යැයි මන්ත්‍රී මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 433
Previous Post

පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

ෆෝ සීරෝ ගී රසෝඝය’ ජනවාරි 20 වෙනිදා BMICහිදී – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

editor ttvnews

editor ttvnews

Next Post
ෆෝ සීරෝ ගී රසෝඝය’ ජනවාරි 20 වෙනිදා BMICහිදී – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

ෆෝ සීරෝ ගී රසෝඝය' ජනවාරි 20 වෙනිදා BMICහිදී - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved