27 April 2024
#දේශීය

ෆෝ සීරෝ ගී රසෝඝය’ ජනවාරි 20 වෙනිදා BMICහිදී – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ‘කර්මාන්ත සංවර්ධන අරමුදල ‘ ප්‍රවර්ධනය උදෙසා ‘ ෆෝ සීරෝ ( 4.0) ගී රසෝඝය’ සංගීත සන්ධ්‍යාව එළඹෙන ජනවාරි 20 වෙනිදා සවස 6 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

රෝහණ බෝගොඩ මහතාගේ සංගීත අධ්‍යක්ෂයෙන් යුතු මෙම ගීත ප්‍රසංගයට සුනිල් එදිරිසිංහ , කීර්ති පැස්කුවල් සහ ශෂිකා නිසංසලා සිය හඩ මාධුර්ය එක්කරනු ලබයි.

මෙම ‘ෆෝ සීරෝ ( 4.0) ගී රසෝඝය’ තුළින් උපයන මුදල් කර්මාන්ත සංවර්ධන අරමුදලට බැර කෙරෙන අතර කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් මෙරට කර්මාන්ත සංවර්ධනය උදෙසා ඉතා සහනදායි අඩු පොලී ණය අනුපාත යටතේ ක්ෂුද්‍ර , සුළු , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් මූල්‍ය ණය ප්‍රදානය කිරීම සිදුකෙරෙයි.

‘ ෆෝ සීරෝ ( 4.0) ගී රසෝඝය’ සදහා ප්‍රවේශ පත්‍ර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාල වලින් , දිවයින පුරා සරසවි පොත්හල් වලින් , ලක් කම් , ලක්සල අලෙවි සැල් තුළින් ලබාගත හැකිවෙයි. වැඩි විස්තර 076 3006932 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *