අප රටට සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙනුයේ රටේ පවතින සාමකාමි තත්වය හේතුවෙන් බවත් නොයෙකුත් විරෝධතා කිරීමෙන් ලෝකයට අපගේ අසමගිය සහ රටේ පවතින ප්‍රශ්න ව්‍යාප්ත කිරීමෙන් රටට සංචාරකයින්ගේ පැමිණීම අඩුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “අපේ රට විශාල ආර්ථික අර්බුදයකට පත්වෙලා තිබු අතර ඒ වගේම අවුරුදු තුනකින් මන්ත්‍රිවරුන්ට විමධ්‍යගත අය වැය සඳහා ඒ සංවර්ධන කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මිලියන 50 ගානේ මේ වන කොට මුදල් වෙන්කරලා තිබෙනවා විමධ්‍යගත අයවැයෙන් මන්ත්‍රිවරුන්ට ගමට ගිහිල්ලා වැඩකරන්න. අවුරුදු 03ට පසුව මේ විමධ්‍යගත අරමුදල් ලැබුණේ. එයින් අපට පේනවා තිබුණ තත්වයට වඩා වෙනස් තත්වයකට යොමුවී ඇති බව. නමුත් විපක්ෂය කිසිම දෙයකට හොඳයි කියන්නෙත් නැහැ. අපිට මේ අවස්ථාවේ ලොකු ශක්තියක් ලැබිලා තිබෙනවා සංවර්ධන කටයුතු කරන්න. අපි ඒ කටයුතු ආරම්භ කරමින් පවතිනවා. ඒ වගේම ජනතාවට පොහොර ටික ලැබුණා. ඒ නිසා කෘෂිකාර්මික කටයුතු හොඳ තත්වයේ පවතිනවා. නොයෙකුත් ප්‍රශ්න තියෙද්දිත් අපේ රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අස්වැන්නක් මේ කාලයේ ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කෙසේවෙතත් ආර්ථික අර්බුදයක් රටේ තිබෙනවා. ඒ වගේම උද්මනයක් තිබෙනවා. නමුත් 2022 ට 2023 ට වැඩිය අපි 2024 ඉස්සරට ඇවිත් තිබෙනවා. ඒ නිසා පෙලපාලි ගිහිල්ලා, වර්ජනය කරලා මේවා නවත්වන්න කඩාකප්පල්කාරි වැඩ නොකර රට වැටිලා තිබෙන තත්වයෙන් ගොඩගන්න සියලුදෙනාම එකතු වියයුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි පක්ෂයක් හැටියට ඉතා ඉහළින් එය තේරුම් අරගෙන අපි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙනවා. මැතිවරණ තිබෙන අවස්ථාවේ මැතිවරණ පවත්වයි. ඒ නිසා පරණ විදිහට කොළඹට ඇවිත් වර්ජනය කරලා ජනතාව අපසුතාවයට පත්කරන කටයුතු නැවත්වුවහොත් අපිට මෙයින් ගොඩඑන්න පුළුවන්. අද සංචාරකයෝ විශාල වශයෙන් එන්නේ රටේ සාමකාමි තත්වයක් පවතින නිසා. හැබැයි නොයෙකුත් විරෝධතා කිරීමෙන් ලෝකයට අපේ අසමගිය සහ රටේ තිබෙන ප්‍රශ්න ලෝකයට දීමෙන් අපේ රටට එන සංචාරකයෝ අඩුවෙනවා. මේ පිළිබඳව සිතාබලා වැඩකරන්න අවශ්‍ය කාලය තියෙන්නේ. අපේ මේ විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන්, මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඡන්ද අවස්ථාවේදී ඡන්ද කරමු. නමුත් මේ අවස්ථාවේ එකතුවෙලා මේ සංවර්ධන කටයුතුවලට සහයෝගය ලබාදෙන්න කියලා. ”යනුවෙන් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි සඳහන් කළේ ය.