• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2024 නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම් ලබා දෙනවා – අධ්‍යාපන ඇමති සුසිල්

12 January 2024
in දේශීය, පුවත්
2024 නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම් ලබා දෙනවා – අධ්‍යාපන ඇමති සුසිල්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය ඊයේ (11) දින නිල වශයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දුන් අවස්ථාවේ දී ය.

එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට හැකි වූ බවත් පෙර වර්ෂයේ ද 50%ක ප්‍රදානයක් ලබා දීමට මුලින් එකඟ ව සිටි චීන රජය, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත 70%ක දක්වා වැඩි කර එම ප්‍රදානය ලබා දුන් බවත් මෙවර ද එය 80% දක්වා තව දුරටත් ඉහළ නංවා ලබා දීමට කටයුතු කළ බව ඔහු පැවසීය.

මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වන දා වන විට ලැබී අවසන් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. සෑම සිසු දරුවකුට ම නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මකභාවයෙන් ඉහළ නිල ඇඳුම් ලබා දෙමින් සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීමේ අරමුණින් පළමු 80%ක ප්‍රදානය ලබා දෙන නිෂ්පාදකයාගෙන් ම ඉතිරි පාසල් නිල ඇඳුම් රෙදි 20%ක ප්‍රමාණය ද මිල දී ගැනීමට රජය කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මෙරටට ලැබී ඇති පළමු නිල ඇඳුම් රෙදි තොගයේ බෙදාහැරීම්වලට අදාළ කටයුතු පසුගිය ජනවාරි 4 වන දා සිට ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන කාර්යාල 313කට ඒවා යැවෙන බවත් පැවසූ අමාත්‍යවරයා මිලදී ගනු ලබන 20%ක නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මෙරටට ගෙන්වන තුන් වන තොගය වශයෙන් පෙබරවාරි මස 10 වන විට ගෙන්වා අවසන් වන බව ද රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මිලදී ගැනීමට මැදිහත් ව ක්‍රියා කරන බව ද සඳහන් කළේ ය.

මීට අමතර ව උසස් පෙළ විෂය ධාරා සහිත සියලු‍ පාසල් ආවරණය වන පරිදි පාසල් 3000ක ප්‍රමාණයක් ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය අනුග්‍රහය ද චීන රජය මෙරටට ප්‍රදානය කරන බව මෙහි දී කී අමාත්‍යවරයා, තාක්ෂණයත් සමග ඉදිරියට යන නව අධ්‍යාපන ක්‍රියාවලියට එය මහත් පිටිවහලක් වන බව ප්‍රකාශ කළේ ය.

රට ආර්ථික වශයෙන් දුෂ්කර අවධියක පසු වන මෙවන් අවස්ථාවක පාසල් නිල ඇඳුම් ලබා දීමට වැය වන මුදලින් රුපියල් බිලියන පහක පමණ මුදලක් ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙන පරිදි චීන රජයෙන් ලබා දුන් මෙම සියලු‍ ප්‍රදානයන් පිළිබඳ චීන රජය කෙරෙහි සිය කෘතවේදීත්වය පිරිනමන බව මෙරට චීන තානාපතිවරයා හමුවේ සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ය.

එමෙන් ම පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතුවලින් ද 80%ක් පමණ මේ වන විට සිදු කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා නව පාසල් වාරය ආරම්භ වන විට එම පෙළ පොත් ලබා දීමට කටයුතු කරන බව ද පැවසී ය.

Post Views: 299
Previous Post

සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

Next Post

සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා -සෞඛ්‍ය අමාත්‍යංශය

editor ttvnews

editor ttvnews

Next Post
ඩෙංගු ගැන අහන්න, කියන්න ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක්

සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා -සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

24 March 2026
මහියංගනය මූලික රෝහල  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

මහියංගනය මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

24 March 2026
ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ  ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

24 March 2026
දශක පහකට පසු මිනිසා  යළිත් සඳ බලා Artemis II ඓතිහාසික  මෙහෙයුම ඇරඹේ

දශක පහකට පසු මිනිසා යළිත් සඳ බලා Artemis II ඓතිහාසික මෙහෙයුම ඇරඹේ

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

24 March 2026
මහියංගනය මූලික රෝහල  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

මහියංගනය මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved