• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් ජනාධිපති ජාතික අපේක්ෂකයා විය යුතුයි – ඇමැති ප්‍රසන්න

16 January 2024
in දේශීය, පුවත්
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවානම් පක්ෂක් ලෙස සන්ධානගතව ඔහුට සහය දිය යුතු අතරම ඔහු “ජාතික අපේක්ෂකයා” විය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ හා ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සමඟ ඊයේ (15) උඩුගම්පල පැවැති සාකච්ඡාවකදීය.

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු පෙන්වා දෙන්නේ රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බවයි. එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීම බවද හෙතෙම පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා “ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව මොකද කරන්නෙ කියලා හැමෝම අහනවා. පොහොට්ටුව තවම අපේක්ෂකයෙක් තෝරලා නැති බව මම ඉතා වගකීමෙන් කියනවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියල පක්ෂය තවම සලකා බලමින් ඉන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදිය යුතු බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ජනාධිපතිවෙලා නැවැත වරක් රට පාලනය කරන්න ඔහුට ඉහළම සුදුසුකම් තිබෙනවා. මීට වසර දෙකකට පෙර රටත් ජනතාවත් අතිශයින්ම ඛේදජනක ඉරණමකට මුහුණ දුන්නා. ජනතාව පෝලිම්වල අපා දුක් වින්දා. නමුත් අද වනවිට එදා තිබූ ‍බොහෝ ප්‍රශ්න නිරාකරණය වෙමින් තිබෙනවා. එහෙත් තව රාශියක් ඉතිරිවෙලා තිබෙනවා. හැමදාම මේ රටේ ජනතාව ජනාධිපතිවරු තේරුවේ ජාතික ප්‍රශ්න විසඳීම මූලික කරගෙනයි. 2004දි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කළේ යුද්ධය දිනන්නයි. 2015 මෛත්‍රීපාල සිරිසේන පත් කළේ යහපාලනය ‍ස්ථාපිත කරන්නයි. 2019දි ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වෙ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නයි. එහෙනම් අපි අද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න ඕන රටේ ආර්ථිකය සුරක්ෂිත කරන්නයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවානම් අපි පක්ෂක් ලෙස සන්ධානගතව ඔහුට සහය දිය යුතුයි කියන තැන මම ඉන්නවා. වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුත්තේ “ජාතික අපේක්ෂකයා” ලෙසයි. දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ වැහි වැහැලා. එක එක ජාතියේ අපෙක්ෂකයෝ එනවා. පෙට්ටිකඩයක් එහෙමත් නැත්නම් ආයතනයක් පාලනය කරනව වගේ රටක් පාලනය කරන්න බෑ. කයිවාරු ගහන්න ඕනම කෙනෙක්ට පුළුවන්. නමුත් වැඩ කරන්න හැමෝටම බැහැ. ආර්ථික අර්බුධ විසඳලා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරන්න අපිට ඉතිරිවෙලා තියෙන්නෙ ඉතාම සීමිත කාලයක්. ඒ නිසා අනිත් අපේක්ෂකයන්ට එක අවස්ථාවක්වත් දෙන්න අවස්ථාවක් අපිට ඉතිරිවෙලා නැහැ. මේක අත්හදා බැලීම් කරන කාලයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ කයිවාරු නැති වැඩ විතරක් තියෙන අනාගතවාදී නායකයෙක්. ඒ නිසා ජනාධිපතිධූරයට මේ මොහොතේ ඉහළම සුදුස්සා වත්මන් ජනාධිපතිවරයා යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 338
Previous Post

රනිල් ජනාධිපති වුනේ නැතිනම් රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණේ – ඇමැති මනුෂ

Next Post

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම් ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරනවා – ඇමැති රමේෂ්

editor ttvnews

editor ttvnews

Next Post
සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම් ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරනවා – ඇමැති රමේෂ්

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම් ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරනවා - ඇමැති රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී  මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

9 July 2025
පෙර පාසලක ආහාර විස වෙලා – 200 දෙනෙකු රෝහලට

පෙර පාසලක ආහාර විස වෙලා – 200 දෙනෙකු රෝහලට

9 July 2025
ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

9 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී  මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී මන්ත්‍රීවරුන්ට ‘ඉතා අඩු’ බද්දක් – ඇයි?

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved