27 April 2024
#දේශීය #පුවත්

රනිල් ජනාධිපති වුනේ නැතිනම් රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණේ – ඇමැති මනුෂ

රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම් පාර්ලිමේන්තුවත් ගිනි තබා, ඩොලරයත් රුපියල් දහසකට වඩා ඉහළ ගොස්, පාන් ගෙඩියක් ගන්න වීල් බැරෝවකින් මුදල් ගෙන යන රටක් බවට මේ රට පත්වීමට තිබූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සම්මේලයනට එක්වෙමිනි.

තියෙන කෙනාගෙන් උදුරාගෙන, මරාගෙන කන, විශාලා මහනුවරක් බවට පත්වීමට තිබූ රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත්, ඔහු නැවත වරක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කිරීමට දේශපාලන පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේධයකින් තොරව ජනතාව එක් රැස් කරන ජනතා වේදිකාව “යුනයිට් නැෂනල් පීපල්” හරහා ගොඩ නගා ඇති බව හෙතෙම පැවසිය.

අපේ රටට ඇති තරම් දේශපාලඥයින් සිටියත්, අද අවශ්‍ය වන්නේ දූරදර්ශී රාජ තාන්ත්‍රිකයෙක් බවද, අද රටේ සිටින එකම රාජ්‍ය තාන්ත්‍රිකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් බවද ඔහු සදහන් කළේය. ඔහු රට භාරගත් නිසා හුස්මගැනීමට හැකි රටක් නිර්මාණය කළ බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *