හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා අතර හමුවක් හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි.
මෙහිචී මෙරට දැනට පවතින දේශපාලන තත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන තත්වය පිළිබඳවත් රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.
රුසියානු රාජ්‍යයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂාකරන බවත් එහිදී හිටපු ජනාධිපතිතුමා පැවසීය.ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක රුසියාව ලබාදුන් සහය පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් රුසියානු තානාපතිතුමාට ස්තුතිය පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය පැවසීය.
ශ්‍රී ලංකාවේ නොබැදි විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳව සිරිසේන මහතා මෙහිදී අදහස් පළ කළේය.
තානාපතිතුමන් අදහස් පළ කරමින් සඳහන් කළේ ලබන පෙබරවාරි මාසය වනවිට ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට රුසියාව පත්වනු ඇති බවයි.
ඉදිරියටත් දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.