ඉංග්‍රීසි භාෂා දැනුම ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීමට ප්‍රථම වරට ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කල බව ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපති විනෝද් මුණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 17 වනදා “දීප්තිමත් අනාගතයක් සඳහා සමගියෙන් ජීවත් වීමට – ත්‍රෛභාෂික පුරවැසියෙක්” තේමාව කර ගනිමින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET), නිල භාෂා සහ වෘත්තීය අධ්‍යයන ආයතනයේ (IOLPS) හවුල්කාරිත්වය ඇතිව, රාජ්‍ය නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව සඳහා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි නිල ආරම්භය,අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් පල කල සභාපති විනෝද් මුණසිංහ මහතා පැවසුවේ ලාංකේය ප්‍රජාව භාෂා අධ්‍යාපනයෙන් හා පුහුණුවෙන් සවිබල ගැන්වීම උදෙසා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය වර්තමානය වන විට පුරෝගාමී මෙහෙවරක නිරත වන බවයි.
ඉදිරියේදී උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග අවසන් කළ සිසුන් සඳහාද මෙම ආයතනය මගින් ඉංග්‍රීසි භාෂා පාඨමාලා ආරම්භ කිරීමට නියමිත බව සඳහන් කළ යුතු හෙතෙම පැවසිය.
ත්‍රෛභාෂික ජාතියක් බිහිකිරීම සඳහා සමස්ත ජනතාව වෙත ඉංග්‍රීසි භාෂා දැනුම ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක පළමු පියවර මෙයයි. අනතුරුව, අ.පො.ස (සා.පෙළ) සහ අ.පො.ස (උ.පෙළ) විභාග අවසන් කළ පාසල් සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂා පාඨමාලා ආරම්භ කරනු ඇත. ගිල්වීමේ ක්‍රමය මගින්, පන්ති භෞතිකව සහ මාර්ගගතව පවත්වනු ලැබේ.
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානයද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අතින් මෙහිදී සිදුකෙරිණි .
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති විනෝද් මුණසිංහ, ඩිප්ලෝමාධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.