ගර්භනි මව්වරුන් සදහා ලබා දෙන පෝෂණ වැඩසටහන අති වැදගත් බවත් එය මව්වරුන්ගේ සහ කුසේ සිටින දරුවාගේ ජීවත් වීමේ අයිතිය සහ සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති අයිතිය තහවුරු කරණ බවත් හුදෙක් මෙය බෙදා දීමේ වැඩසටහන් ලෙස සමච්චලයට ලක් නොකරණ ලෙසත් විපක්ෂ නායකවරයා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ හංවැල්ල ප්‍රදේශයේ ගර්භනි මව්වරුන් 532කට සහල් පේෂක ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙවැනි වැඩසටහන් ගැන විවිධ අය විවිධ තැන්වල විවිධාකාර කතා කියන බවත් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා බලපැ හේතු රාශියක් ඇති බව හෙතෙම පැවසීය.
තමා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාව සිටියදී අමාත්‍යවරයා විසින් පෝෂණය ගැන වැඩසටහන් කිහිපයක් ගැන වගකීම පැවරු අවස්ථාවේ සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ලෝක බැංකුව ලබා දුන් ආධාරයක් මත ගර්භණී මව්රුවන් ගේ පෝෂණ සලාක වැඩසටහන 2001 දී ආරම්භ කළත් එදා ආරම්භ වූ වැඩසටහන 2004 ආණ්ඩු මාරුවත් සමග නතර වී නැවතත් යහපාලන රජයේ එය ආරම්භ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් බවත් එහි තුන් වැනි පරිච්ඡේදය කේන්ද්‍ර කර ගෙන අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හැකි නමුත් එයට කාන්තාවන්ගේ දරුවන්ගේ ළදරුවන්ගේ අයිතීන්,සෞඛ්‍ය අධ්‍යාපනය හා ජීවත් වීමේ අයිතීන් අඩංගු නොවන බවත් 6 පරිච්ඡේදය තුළ යම් යම් විධාන පැවැතියත් ඒවා අධිකරණය තුළ අභියෝගයට ලක් කළ නොහැකි නිසා මෙම අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුළට ඇතුළත් විය යුතු බවත් එය සමගි ජන බලවේග රජයක් තුළ අනිවාර්යෙන් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්රය ප්රතිකාරක සහ නිවාරණ ලෙස කොටස් දෙකක් ඇති බවත් ප්රතිකාරක ක්ෂේත්රයට රෝහල් අයත්වන විට නිවාරණ ක්ෂේත්රයට රෝග අවම කිරීම සිදුවන බවත් මෙහි දී මිඩ්වයිෆ් නිලධාරින් සුවිශේෂී වැඩකොටසක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට රට තුළ මන්දපෝෂණය වර්ධනය වී ඇති බවත් එය මඟහරවා ගැනීමට නම් නිරෝගී සම්පන්න මව් පරපුරක් සිටිය යුතු බවත් ගර්භණී මව්වරුන්ට පෝෂණ සලාක දෙන්නේ ඒ නිසා බවත් මෙය හුදෙක් බඩු බෙදා දීමක් නොවන බවත් මෙය ජීවත් වීමේ අයිතිය සහ නිරෝගීමත් දරු පරපුරක් බිහි කර ආයු කාලය වර්ධනය කිරීමක් බවත් මෙය පාලකයන්ට ආයු බොහෝ වේවා කිරීම නොව මව්වරුනට දරුවන්ට ආයු බොහෝ වේවා කීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.