අත් පා අහිමි වූ ශ්‍රී ලාංකික ආබාධිතයින් හට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හදුනා ගනු ලැබු මෙත්තා පදනමේ බලපිටිය ශාථාවේ කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය (ARTIFIAL LIMB PROJECT) ඊයේ (18) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
මෙම ආයතනය ස්ථාපිත කිරීමට සහ මෙත්තා පුනරුත්ථාපන පදනමට මූල්‍ය දායකත්වය රෝටරි ගෝලීය ප්‍රදාන 2457602 යටතේ කොළඹ රොටරි සමාජය, එක්සත් රාජධානියේ ලන්ඩන් හි ගෝල්ඩර්ස් ග්‍රීන් රොටරි සමාජය සමග ගාල්ල රෝටරි සමාජය එක්සත් රාජධානියේ වුල්වහැම්ප්ටන් රෝටරි සමාජය, එක්සත් රාජධානියේ බිශොප් වොල්නම් රොටරි සමාජය සහ ජාත්‍යන්තර රොටරි දිස්ත්‍රික්ක 3220 ශ්‍රී ලංකාව – මාලදිවයින, 1130එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ඇතුලු රෝටරි ආයතනවලින් වටිනා සහභෘගීත්වයක් ලැබී ඇත.
මෙම කෘත්‍රීම අත් පා සැකසීමේ මධ්‍යස්ථානය තුලින් කෘත්‍රීම පාද පමණක් නොව දීර්ඝ කාලීන ආබාධවලට ලක්වන ජනතාවට අවශ්‍යවන රෝද පුටු ඇතුලු උපකරණ ද සකස් කරනු ලබයි. ඉතා අඩු මුදලකට මෙම නිපැයුම් ජනතාවට ලබාගත හැකි අතර, වසරකට කෘත්‍රීම පාද 100 ක් සකස් කිරීමට බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවට මහලදුව තරුණෝදයාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මහලදූවේ නන්දරතන හිමිපාණන්, මෙත්තා පුනරුත්ථාපන පදනමේ සභාපති, මහාචාර්ය එස්.පී ළමාබදුසූරිය, කොළඹ රොටරි සමාජයේ පුබුදු ද සොයිසා, වෛද්‍ය බී පනගමුව මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.