• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ රටවලින් ඔන්ලයින් ගෙන්වීම් නිසා මෙරට ආදායමට විශාල පාඩුවක් – බුද්ධික විමලසිරි

21 May 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනීතිකව විදේශ රටවල නිෂ්පාදිත පාවහන් මෙරට වෙළඳපොළට පැමිණීම හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වන බදු මුදල රුපියල් කෝටි 3500ක් බව පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 18 වනදා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය විසින් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් පාවහන් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම, රේගු දැලෙන් රිංගා අනීතිකව මෙරට වෙළඳපොළට විදේශවල නිෂ්පාදිත පාවහන් පැමිණීම, පාවහන් නීත්‍යනුකූලව ආනයනය කළ ද ඊට අදාළ බදු ක්‍රමයේ වරද, නිදහස් වෙළඳ ගිවිසුම්වලින් එල්ල වන බලපෑම් ආදී සියල්ල මගින් යම් වර්ධනයක් අත් කරගෙන තිබූ දේශීය පාවහන් කර්මාන්තය යළි බිඳවැටෙමින් ඇතැයි බුද්ධික විමලසිරි මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් මෙරට පාවහන් කර්මාන්තයේ නියැලී සිටින 15000කට අධික ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ පාවහන් නිෂ්පාදකයන් මෙන්ම කර්මාන්තය තුළ ඍජු හා වක්‍ර රැකියාවල නියුතු ලක්ෂ තුනකට අධික පිරිස ද අපහසුතාවට පත්ව ඇති බව ඒ මහතා සඳහන් කළේය.

අනීතිකව විදේශ රටවල නිෂ්පාදිත පාවහන් මෙරට වෙළඳපොළට පැමිණීම හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වන බදු මුදල රුපියල් කෝටි 3500ක් බවත් එය දෛනිකව රුපියල් කෝටි දහයක් පමණ වන බවත් විමලසිරි මහතා කියා සිටියේය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, නිතරම දෛනික රාජ්‍ය ආදායම හා වියදම අතර පරතරය පිළිබඳව කතා කරන බවත් රුපියල් කෝටි 625ක් වන එම මුදල, පාවහන් ඇතුළු බදු මුදල් ගෙවීමකින් තොරව අනීතිකව මෙරට පැමිණෙන භාණ්ඩ නිසි පරිදි රේගු දැලට හසු කරගෙන උපයාගත නොහැක්කේ මන්දැයි, ඒ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

රංජිත් සියඹලාපිටිය ඇමතිවරයාට මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් පාඩමක් උගත හැකි බවත් ඔහු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මැඩලීමට කටයුතු කරන ආකාරයටම රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රමුඛ රේගු දෙපාර්තමේන්තුව හා එක්ව මෙරට රේගු දැලෙන් රිංගන සියලුම භාණ්ඩ අල්ලා බදු මුදල් අය කිරීමට නොහැකියාවක් තිබිය නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම නීත්‍යනුකූලව ආනයනය කෙරෙන පාවහන් සඳහා වන බදු ක්‍රමය නිවැරදි නොවන බවට ද පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපතිවරයා චෝදනා කර සිටි අතර වටිනාකම නොසලකා ඕනෑම පාවහන් යුගලකට අය කරන සමස්ත බදු මුදල රුපියල් 2000ක් බව අනාවරණය කළේය.

මෙම රුපියල් 2000ක සමස්ත බදු මුදලට, රුපියල් 700ක සෙස් බද්දක් සහ රුපියල් 300ක සාමාන්‍ය බද්දක්(General Duty) ද ඇතුළත් වන බව කී විමලසිරි මහතා, රුපියල් ලක්ෂ ගණනක් වටිනා, ලොව ප්‍රමුඛතම සන්නාමයක පාවහන් යුගලක් පවා රුපියල් 300ක සාමාන්‍ය බදු මුදල පමණක් ගෙවා මෙරටට ආනයනය කිරීමට හැකිවීමෙන් එම බදු ක්‍රමයේ ඇති වරද අවබෝධ කරගත හැකි බව ද වැඩිදුරටත් කීය.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් පිළිබඳව දිවා-රාත්‍රී දෙසුම් පවත්වන වත්මන් රජය දැන් පාර කපමින් සිටින්නේ ආනයන කේන්ද්‍රීය ආර්ථිකයකට බව කී ඒ මහතා පාවහන් කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු සහ පෙන්වා දුන් කරුණු කෙරෙහි රජයේ කඩිනම් අවධානයක් යොමු විය යුතු බව අවධාරණය කළේය.

 

Post Views: 31,891
Previous Post

විශ්‍රාමික රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් සාකච්ඡාවක්

Next Post

ඇමැති ප්‍රසන්න ජනපති රනිල් දිවයිනට එන තුරු නොඉවසිල්ලෙන්

editor ttvnews

editor ttvnews

Next Post
ඇමැති ප්‍රසන්න ජනපති රනිල් දිවයිනට එන තුරු නොඉවසිල්ලෙන්

ඇමැති ප්‍රසන්න ජනපති රනිල් දිවයිනට එන තුරු නොඉවසිල්ලෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved