• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙනඟ දැකලා දේශපාලන තීන්දු ගන්නේ නෑ – අගමැති

29 May 2024
in දේශීය, පුවත්
සෙනඟ දැකලා දේශපාලන තීන්දු ගන්නේ නෑ – අගමැති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සෙනඟ දැකලා කිසිම දේශපාලන තීරණයක් නොගන්නා බව පවතින තත්ත්වය තුල ඉදිරියට යන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට අද (29) එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ගැටළු වලට පිලිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා

පවතින වාතාවරණය තුල මැතිවරණය පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්ද?

මැතිවරණය ගැන දැනටමත් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරල තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන්නට පුළුවන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස දෙක අතර එය සූදානම් කරන බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ බව ආණ්ඩුවත් ප්‍රකාශ කර තිබෙනවා.

මැයි දිනයේ සෙනඟ දැකලා ආණ්ඩුව මැතිවරණය කල් දාන්න උත්සහ කරනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?

සෙනඟ දැකලා කිසිම දේශපාලන තීරණයක් ගන්නේ නැහැ. කලබල කරන්නේ හෝ රිවස් කරන්නේ නැහැ. ඉදිරියට යනවා මිස. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ දවසේ රාත්‍රියේ ඉඳලා අපි ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ස්ථාපිත කිරීමට පියවර ගත්තා. පාර්ලිමේන්තුව වහලා දාලා විනාශ කරන්න හදපු පිරිස පලවා හැරලා, රටේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගුවා. ඒක අමතක කරන්න එපා. ඒ ගොඩනැගුවේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොවෙයි. උත්තරීතර පාර්ලිමේන්තු ක්‍රමය සහ මහජන වරම ඉදිරියට ගෙන යමින් රටේ දියුණුව සඳහා පිළිගත් මැතිවරණ නීතිය අනුව කටයුතු කළා. මැතිවරණ නීති වෙනස් කරන්න නම් අනුගමනය කරන්න තියෙන බොහොම අමාරු තුනෙන් දෙකක ක්‍රමවේදයක් තිබෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට ලබන අගෝස්තු වෙනකන් යන්න පුළුවන්. අවශ්‍ය නම් ඉක්මනින් ගෙදර යන්නත් පුළුවන්. එහෙම නැත්තම් තමන්ටම කියන්න පුළුවන් අපිට ගෙදර යන්න ඕනේ කියලා. එහෙම යන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රමයක් තියෙනවා. ජනාධිපතිවරණයට පස්සේ මහ මැතිවරණය. පසුව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ එකටම පවත්වන්න අවධානය යොමු වෙලා තිබෙනවා.

වගකීමක් නැතුව ඇතැමුන් විවිධ දේවල් ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ කිසිම අවස්ථාවක, කිසිම සාකච්ඡාවක නොකෙරුණු දෙයක් ගැන හදිස්සියේ ප්‍රකාශ කරලා, වගකීමක් නැතුව රට කලඹන්න කටයුතු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවකින් ඉඩ දෙන්නෙ නැහැ කියන එකයි මම රටවැසියාට කියන්නේ.

මැතිවරණ කැඳවීමේ බලය තිබෙන්නේ ආණ්ඩුවටද? මැතිවරණ කොමිසමටද?

ජනාධිපතිවරණය කැඳවීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත අනුව. කලින් කැඳවන්නත් බැහැ. පස්සෙ කැඳවන්නත් බැහැ. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවරව තැන්පත් කරලා තියෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම දින නියමයන් අනුව මැතිවරණය නියමිත පරිදි පවත්වයි.

පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා නේද?

පාර්ලිමේන්තුව විසුරුවන්න මීට පෙරත් ජනාධිපතිවරුන්ට වරම තිබුණා. තමුන්ගේම ආණ්ඩු තිබුණු ජනාධිපතිවරු දිනන්න පුළුවන් කියලා හිතාගෙන ආණ්ඩු විසුරුවල පැරදිච්ච අවස්ථා අපි දැක්කා. පක්ෂයටත් විරුද්ධ පක්ෂයට යන්න වුණා. ඊට ඕන තරම් උදාහරණ තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවක් අවුරුදු දෙකහමාරකට පසුව ජනාධිපතිවරයාට විසුරුවන්න අවස්ථාව හිමි වෙනවා. අභියෝග මධ්‍යයේ අපේ පාර්ලිමේන්තුව බොහොම ඉවසීමෙන් ගමන් කරනවා. මතභේදත් තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. පාර්ලිමේන්තුව තවදුරටත් කටයුතු කරන්න බැරි නම් ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළොත් ඒත් ජනාධිපතිතුමාට විසුරවන්න පුළුවන්. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි කාලය ඉවර වෙන්නේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. සුනිල්, හිටපු රාජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, මහාචාර්ය ජේ.බී.දිසානායක, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය පද්මලාල් එන්. මානගේ, ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්වූහ.

Post Views: 3,965
Previous Post

77 වන ලෝක සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාවෙන් ඇමැති රමේෂ් පතිරණ මහතා සහභාගි වෙයි

Next Post

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහාය

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහාය

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved