ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 204 දෙනෙකු සදහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රධානය කිරීම ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම උත්සවය මහරගම,නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන ග්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම ආයුර්වේද උපාධිධාරීන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, යාපනය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය යන යන පීඨ වලින් වසර පහක උපාධි අධ්‍යාපනය හැදෑරූවන් වේ.
දිවයින තුළ පිහිටි මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් සහ පළාත් සභා ආයුර්වේද රෝහල් 105 ක් තුළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා පුහුණු, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසර 01 ක කාලයක් මෙම උපාධිධාරීන් පුහුණුව ලැබීමට නියමිතය.
සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිළධාරීන් ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුය.මෙම පුහුණුලාභීන් වෙත මාසිකව රුපියල් 66750/= ක සීමාවාසික පුහුණු දීමනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙනු ඇත.
මෙම අවස්ථාවට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් වෛද්‍ය කේ.වී.අතුල, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතනයේ අධ්යක්ෂ විමල් චතුරංග, බණ්ඩාරණායක ආයුර්වේද පර්යේෂනායතනයේ අධ්යක්ෂ වෛද්‍ය පී. හේවාගමගේ, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය අජිත් කුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
https://www.youtube.com/watch?v=9d5xiDTEVGI