23 September 2024
#දේශීය #පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා කීය.

[ලංකාදීප]

Leave a comment

Your email address will not be published. Required fields are marked *