ඡන්ද විමසීම් පැවැත්වෙන දින ඡන්ද පොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද පොළේ ඡන්දය ශුන්‍ය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙන බවත්, සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙන බවද පෙන්වා දෙයි.
ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් තබා තිබෙන බවත්, ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව නිවසේ රැඳී සිටින් ලෙසත් තමන්ගේ දෙමවුපියන්, දරුවන්, පවුලේ අය නිවෙස්වල රඳවා ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභවා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලිපි ලබා ඇති සියලුම නිලධාරීන් තමාට නියමිත දින නියමිත ස්ථානයට අනිවාර්යයෙන්ම රාජකාරී සඳහා වාර්තා කළ යුතු බවත්, එම පත්වීම් ලිපි වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, සේවයට වාර්තා නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද පෙන්වා දෙයි.
උපදෙස් පන්තිවලට සහභාගී වූ අයෙකුට පත්වීම් ලිපි මෙතෙක් ලැබී නැත්නම් අදාළ මැතිවරණ කාර්යාලයෙන් විමසීම් සිදුකරන ලෙසත්, ඡන්දදායකයන්ට මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගත හැකි බවත්, අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් නිල ඡන්ද දැන්වීමේ පිටපතක් ලබාගත හැකි බවද පෙන්වා දෙයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රය ඡන්දය දැමීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන බවත්, වලංගු හැඳුනුම්පතක් තිබේ නම් එය ඉදිරිපත් කර ඡන්ද පත්‍රිකාවක් ලබා ගෙන ඡන්දය ප්‍රකාශ කළ හැකි බවද සඳහන් කරයි.
තැපැල් ඡන්ද ගණන් කිරීම 14වන දින ප.ව 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඡන්ද ගණන් කිරීම 14දින ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණ විගස, එනම් ප.ව 7.15ට නිලධාරීන් සම්පූර්ණ වූ විට දිස්ත්‍රික්කවල ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ගණන් කිරීම ආරම්භ කරන බවද පෙන්වා දෙයි.
ඡන්ද විමසීම් දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව සහ ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේදී නිවෙස්වල රැඳී සිටින ලෙසත්, කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහා මාර්ගයේ රැඳී නොසිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
TV හෝ විශාල තිර යොදා ගෙන ජනතාව එක් රැස් වී රූපවාහිනි වැඩසටහන් නැරඹීම, ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවලදී ඒකරාශී වී රතිඤ්ඤා පත්තු කිරීමෙන්, ආලෝකය සහිත බැලුන් ගුවනේ පා කිරීම වැනි කටයුතු නීතියෙන් තහනම් වන බවද සඳහන් කරයි.
එවැනි එක් රැස්වීම් අයුතු ජනරාශී වරදට ගැනෙන හෙයින් ආරක්ෂක අංශ මගින් විසුරුවා හැරීමට හෝ අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති හෙයින් එවැනි කටයුතුවලින් වැළකී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
[ada]