මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හතළිස්හතරදහසේ (44000) සීමාවට පැමිණ තිබේ .
පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බැවින් ජනතාව මේ පිළිබඳව දැනුවත් විය යුතු බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ මාසයේ ගතවූ දින දහඅට තුළදී පමණක් ඩෙංගු රෝගීන් දහඅටදහස් අටසිය තිස්අට දෙනකු (18838) වාර්තා වී තිබේ .
කඩින් කඩ වැසි ඇති වන නිසා ඩෙංගු මදුරු කීටයින් බෝවීමේ වැඩි අවධානමක් පවතින නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි .
මේවනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 10 ක් ඩෙංගු අධිවසංගත තත්ත්වයන් ඇති ප්‍රදේශ ලෙස නම් කර ඇත.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු වසංගත තත්ත්වයක් බවට පත්වීමේ අවධානමක් ඇති බවත් දින තුනකට වඩා උණ රෝගය පවතින්නේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙයි.