රිලවුන් ඝාතනය කිරීමට මෙරට නීතිය අනුව තහනම් නොවන බවත් ඊට ගොවීන්ට අවසර හිමිව ඇති බවත් පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ, එම සතුන් වඳවී යාමේ තර්ජනයට ලක්ව නොමැති බවයි.
“මම දන්නේ නැහැ රිලවුන්ගේ ප්රශ්නය කොහෙන්ද ආවේ කියලා. මේ ප්රශ්නය වුණේ, දළ ඇතෙක් වුණ දීඝ ධන්තු මැරිච්ච ප්‍රශ්නෙත් එක්ක. අලි ඇතුන්ගේ ඝාතන ගැන කතා කරන්න කියන එක.
ඉතිං රිලවුන්ගේ මාතෘකාව පරිසර ක්ෂේත්රයේ කිසිම ක්‍රියාකාරිකයෙක් එළියට අරන් ආපු ප්‍රශ්නයක් නෙවෙයි. රිලවුන් මරන එක පිළිබඳව අපි කිසිම මතයක් හෝ අදහසක් ඉදිරිපත් කළේ නැහැ.
රිලවුන් කවදාවත් ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම් කරලා තිබුණේ නැහැ. රිලවුන්ව මරන්න ගොවීන්ට අවසර තිබුණා. ඒ නිසා ඒක අප කතා කරපු මාතෘකාවක් නෙවෙයි.
පරිසරවේදීන්ට පහර ගහන්න කවුදෝ කට්ටියක් ගෙනාවා. මේකට අපි කියනවා පිදුරු මිනිසාගේ ව්‍යාජ තර්කනය කියලා. මේකෙන් වෙන්නේ, සැබෑ ප්‍රශ්නයෙන් පළා යන එක.
යම් පාර්ශ්වයකට තමන්ගේ වරදක් වහගන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පරිසරවේදීන්ව බොරුවට වැරදිකරුවෝ කරලා බොරුවට පහරදීමකට ලක් කරනවා නම් අපි ඒක නින්දිත ක්‍රියාවක් විදිහට දැකලා දැඩි ලෙස හෙළා දකිනවා.”