ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඊයේ පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පසුගිය 20 වැනි දායින් අවසන් වූ සහල් ආනයන අවසරය ලබන 10 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බවයි.
ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා.
ආනයනික සහල් මෙට්‍රික්ටොන් 67,000ක් පසුගිය 20 වැනි දා වනවිට දිවයිනට ලැබී තිබුණා. ඉන් මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික්ටොන් 38,500ක් නාඩු සහල්.
එම සහල්වලින් රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකරගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළා.