• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

බෝඩර් – ගවස්කාර් කුසලානය ඕස්ට්‍රේලියාවට

7 January 2025
in ක්‍රීඩා
බෝඩර් – ගවස්කාර් කුසලානය ඕස්ට්‍රේලියාවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) අත්කරගත් කඩුලු 6 ක ජයත් සමගින් දශකයකට ආසන්න කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානුවන්ගේ සිහිනය බවට පත්ව තිබූ බෝඩර් – ගවස්කාර් කුසලානය ඕස්ට්‍රේලියානුවන් විසින් අත්පත් කරගන්න ලදි. ඉන්දියානුවන් පරාජය කරමින් ලබාගත් තුන්වැනි ජයත් සමගින් 3-1 ක් ලෙසින් බෝඩර් – ගවස්කාර් කුසලාන තරගාවලිය ජයගත් ඕස්ට්‍රේලියානුවෝ ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයේ ස්ථානයත් වෙන්කර ගත්හ. 

සිඩ්නි ටෙස්ට් තරගයේදී ඉන්දියානුවන් (185 සහ 157) පරාජය කිරීමට ඕස්ට්‍රේලියාවට (181 සහ 162/4) අවශ්‍ය වූයේ දින තුනක් පමණි.

ලකුණු අතර නොසිටින හෙයින්, ඉන්දීය නායක රෝහිත් ෂර්මා සිය කැමැත්තෙන්ම මෙම තරගයෙන් ඉවත්ව සිටියේය. එබැවින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඉන්දියානුවන් තැබූ බලාපොරොත්තු තාවකාළික නායක ජස්ප්‍රීට් බුම්රා මත රැඳී තිබිණ. එහෙත් සෙනසුරාදා ඇතිවූ පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී බුම්රා පන්දු යැවීමෙන් වැළකී සිටියේය. බුම්රා නොමැතිව ලකුණු 162 ක ඉලක්කය ඕස්ටේ්‍රලියානුවන්ගෙන් ආරක්‍ෂා කරගැනීමට ඉන්දියානුවන්ට නොහැකි විය.

කෙසේ වෙතත් කඩුල්ලක් සඳහා ලකුණු 13.06 ක සාමාන්‍යයක් ද සහිතව, තරගාවලියේදී කඩුලු 32 ක් දවාගත් බුම්රා තරගාවලියේ වීරයා වශයෙන් ද සම්මාන දිනාගත්තේය. එය ඉන්දීය පන්දු යවන්නකු විසින් ඕස්ටේ්‍රලියානු සංචාරයකදී දවාගන්නා ලද වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසින් ද සටහන් වේ.

තරගයේ දෙවැනි දිනයේදීම ඇතිවූ පිටකොන්දේ අබාධය හේතුවෙන් ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා සිඩ්නි පිටියෙන් පිටව ගිය බුම්රා, පන්දුවට පහරදීමට අංක 11 ස්ථානයෙන් පිටියට පිවිසියේය. එහෙත් ඔහු සිව්වැනි ඉනිමේදී පන්දු යැවීමට තරම් සුදුසු ශාරීරික යෝග්‍යතාවක නොසිටියේය. ඔහු පිටියට පිවිසියේත් නැත.

සිව්වැනි ඉනිමේදී වුවත්, ලකුණු 162 ක් යනු ඕස්ටේ්‍රලියානුවන්ට එතරම් දැඩි අභියෝගයක් නොවූවත් මොහොමඩ් සිරාජ්  සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා එක්ව පන්දුව දෝලනය කරන්නට වූ බැවින් ඉන්දියානුවන්ට බලාපොරොත්තු තිබිණ. සෑම් කොන්ස්ටාස් අධිවේගයෙන් ලකුණු කරා යමින් සිටියදී කිසිවකු නොදැවී ලකුණු 39 ක් ලෙසින් සටහන් වූ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව, විනාඩි 10 ක් ඇතුළත කඩුලු 3 ට 58 ක් ලෙසින් වෙනස් විය.

කඩුලු 3 ක් දවාගත් ප්‍රසිද් ක්‍රිෂ්ණා, තමාගේම ප්‍රාන්ත ක්‍රීඩාංගණයද වන සිඩ්නි පිටියේදී, ටෙස්ට් ලකුණු 10,000 කඩඉම පසුකිරීමට බලා සිටි ස්ටීවන් ස්මිත් සිය ඉලක්කයට එක ලකුණක් මෑතින් සිටියදී ප්‍රසිද් ක්‍රිෂ්ණා හමුවේ දැවී ගියේය. ස්මිත්ගේ 10,000 වැනි ටෙස්ට් ලකුණු වෙනුවෙන් අත්පොළසන් දීමේ බලාපොරොත්තුවෙන් සිටි සිඩ්නි ක්‍රිකට් ලෝලීහු හිස් බිමට නමාගත් නමුත් තරගය ජයගැනීමෙන් පසුව කරණම් ගසමින් සතුට පළකළහ.

ඉන්දීය පිලේ තාවකාළික නායකයා ලෙසින් සිටි විරාට් කෝලිගේ ඇතැම් ඉඟි බිඟි හමුවේ ඕස්ට්‍රේලියානුවෝ තරමක් සසළව සිටියහ. උස්මන් කවාජාත් (41) ලකුණු 104 දී දැවී ගිය නමුත් ට්‍රැවිස් හෙඩ් සහ කෝඩුකාර බියු වෙබ්ස්ටර් එක්ව ඕස්ට්‍රේලියානු පිල ජයටැඹ පසුකර කැඳවාගෙන ගියහ.

ස්කොට් බෝලන්ඩ් හමුවේ අසරණ වූ ඉන්දීය පිතිකරුවෝ එකා පසුපස එකා දැවී යද්දී අනෙක් පසින් පන්දු යවමින් සිටි ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් කඩුලු 3 ක් දවාගත්තේය. මුල් ඉනිමේ වාසිය යන්තමින් ලකුණු 04 ක් වූ බැවින් ඉන්දියානුවන් අමාරුවේ වැටීම වැළැක්විය නොහැකි විය. පළමු වරට ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් දවාලමින් ඕස්ටේ්‍රලියානුවන්ට ජය මාවත විවර කර දුන් ස්කොට් බෝලන්ඩ් මෙම තරගයට පිවිසියේ ජොස් හේසල්වුඩ් ආබාධයකට ලක්වූ බැවිනි.

 

ඉන්දියාව – පළමු ඉනිම 185 යි
ඕස්ට්‍රේලියාව – පළමු ඉනිම 181 යි
ඉන්දියාව – දෙවැනි ඉනිම 157 යි
ඕස්ට්‍රේලියාව – දෙවැනි ඉනිම කඩුලු 4 ට 162 යි
(සෑම් කොන්ස්ටාස් 22, උස්මන් කවාජා 41, ට්‍රැවිස් හෙඩ් නොදැවී 34, බියු වෙබ්ස්ටර් නොදැවී 39, ප්‍රසිද් ක්‍රිෂ්ණා 65/3)

Post Views: 20
Previous Post

තෛයිපොන්ගල් – සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවා

Next Post

පොලිස්පතිට කියන්න ඔන්ලයින් සේවාව යළි ක්‍රියාත්මකයි

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් නිලධාරීන් රැසකට සති අන්තයට පෙර ස්ථාන මාරු

පොලිස්පතිට කියන්න ඔන්ලයින් සේවාව යළි ක්‍රියාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved