හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ පසුගිය පෙබරවාරි 27 වනදා ය.
එදින සිට මේ දක්වාම දේශබන්දු තෙන්නකෝන් මහතාව අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වී තිබිණි.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වරෙන්තු ලබා සිටියහ