ගණේමුල්ල සංජීව ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැගව සිටින ඉෂාරා නැමති කාන්තාව සොයා වැටලීම් මේ වන විටත් සිදු කරනු ලබයි.
ඉෂාරා සෙව්වන්දි අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙන අතර එහි දී එම රුවට සමාන රුවක් ඇති කාන්තාවක් හමු වී ඇත.
එම කාන්තාව තුළ තිබී මත්ද්‍රව්‍ය ද තොගයක් සොයාගත් බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පවසා සිටියි.
මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන කාන්තාවයි.
වෙඩි තැබීම සිදුකළ දිනයේ සිට මේ වන තෙක් ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොමැති බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.
තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක –
අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735
එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද දැනුම් දී තිබේ.
එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරමින් පවතී.
			
                                
                                
							











