වතිකානය විසින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව නිවේදනය කර තිබෙනවා.
අදාළ නිවේදනයේ සදහන් වන්නේ ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් මත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ තිබේන බවයි.
කෙසේ වෙතත් විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මණ්ඩලය අද (22) රැස්වීමට නියමිතව තිබෙන බවයි.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර ඇති බවය.
ඒ අනුව අදාළ කාදිනල් හිමිවරුන්ගේ මණ්ඩලය වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දේවස්ථානවල සහ කිතුනු නිවාස බොහොමයක ශුද්ධෝත්තම පියාණන්ගේ ධජය අඩ කුඹු කර තිබෙනු දක්නට ලැබුණි.