• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයට දූෂණයෙන් තොරව ගමට වෙන් කළ මුදල් ගෙනියන්න මේ මැතිවරණය තීරණාත්මකයි

22 April 2025
in දේශීය, පුවත්
රජයට දූෂණයෙන් තොරව ගමට වෙන් කළ මුදල් ගෙනියන්න මේ මැතිවරණය තීරණාත්මකයි
0
SHARES
22
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂයට මෙවර මැතිවරණය තවත් එක බලය ලබා ගැනීමේ අරගලයක් පමණක් වුවත් රජයට අවශ්‍ය ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල් දූෂණයෙන් තොරව ගමට ගෙනියන්න අවස්ථාව නිර්මාණය කර ගැනීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ, මාළිගාවත්ත කොට්ඨාසයේ පැවති ජනහමුවකට එක්වෙමින් 21 වන දින පස්වරුවේ අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපේ රජය දැන් වැඩ ආරම්භ කර තිබෙනවා. අපි රජයේ පළවෙනි අයවැය ඉදිරිපත් කළා. ඒ ඉදිරි මාස අට සඳහා. අපිට අවශ්‍ය වුණේ වසර ගණනාවක් බැට කාපු ජනතාවට යම් ප්‍රතිලාභයක් ලබා දෙන සංවර්ධනයක් ඇති කරන්න. ගමේ ආර්ථිකය සංවර්ධනය කරන්න.

අපේ වැරදි හොයන කිසි කෙනෙක් මෙතෙක් මේ රටේ සිටි පාලකයන් සිදු කළ මුදල් නාස්තිය ගැන කතා කරන්නේ නැහැ.

අපි ඉතාමත්ම පරිස්සමෙන් මුදල් කළමනාකරණය කරමින් ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. ව්‍යාපෘති සැලසුම් කරනවා. ඒ ව්‍යාපෘති ගමට ගෙනියන්න බිම් මට්ටමේ නායකත්වයත් පිරිසිදු විය යුතුයි.

ඒ නිසා මේ මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. මේ තියෙන්නේ කල්දාපු මැතිවරණයක් . අපිට මුලින්ම කරන්න වෙලා තියෙන්නේ පැවති රජයන් අතරමඟ නතරකළ සංවර්ධන කටයුතු නිම කිරීම සහ වැරදියට කරපු දේවල් නිවැරදි කරන්න.

රජය වියදම් කරන හැම රුපියලයක් ගැනම දහස් වතාවක් කල්පනා කරනවා. ගම් මට්ටමට රජය වෙන් කළ මුදල් එවන විට එතන ඉන්නේ හොරු නම් අපි ගම සංවර්ධනය කරන්නේ කොහොමද . රට නිවැරදි මගට ගන්න ජනතාව ගත්ත තීරණයේ තුන්වෙනි අභියෝගය ලෙස කල්පනා කරලා පැවති මැතිවරණ හා සමාන ජයග්‍රහණයක් එළැඹෙන මැයි 06 වෙනිදා ලබා ගනිමු.

පාලනයේ ඉහළ සහ බිම්මට්ටමේ දේශපාලන සංස්කෘතීන් දෙකක් තියෙන්න බැහැ. ඉහළ මට්ටම නාස්තියෙන්, දූෂණයෙන්, වංචාවෙන් තොරව වැඩ කරනවා නම් ගම්මට්ටමේත් එවැනිම පාලනයක් තිබිය යුතුයි. ඒ සඳහා ගැලපෙන අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙන්නේ ජාතික ජන බලවේගය විතරයි.

අපි කොළඹට නගරාධිපති අපේක්ෂකාව ලෙස ඉදිරිපත් කරලා තිබෙන්නේ උඩින් පහත් වුණු කෙනෙක් නෙවෙයි, දේශපාලන පවුල් බලයෙන් ආපු කෙනෙක් නෙවෙයි, කොළඹ ඇවිදලා, කොළඹ ගැන හොඳ අවබෝධයක් තිබෙන ජනතාව ගැන, කොළඹ ගැටළු ගැන අවබෝධ කරගත් අපේක්ෂිකාවක්. ව්‍රායි සහෝදරිය මගේ පෞද්ගලික ලේකම් ලෙස ඉන්නකොට මොන සංවේදී කාරණාවක් ඉදිරිපත් කළත් ඒ ප්‍රශ්න වලට ඉතාමත්ම නිවැරදිව ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාවක් ඇයට තිබෙන බව මම අවබෝධ කරගත්තා. එවැනි කෙනෙකුටයි කොළඹ පුරපති තනතුර ලැබෙන්න ඕන.
එක පැලැන්තියකට, එක කොටසකට එක ප්‍රදේශයකට පමණක් සළකන කෙනෙක් කොළඹ නගරාධිපති වෙන්න බැහැ. සමස්ත කොළඹටම නගරාධිපති ලෙස වැඩ කරන්න පුලුවන්, ජනතාවට සංවේදී කෙනෙක්. කොළඹ පුරපති වෙන්න ඕන. ජාතික ජන බලවේගයට අවශ්‍ය ජනතාවට සේවය කරන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන්න එවැනි දේශපාලන අරමුණකින් තමයි ජාතික ජන බලවේගය අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙන්නේ.

කොළඹ මහනගර සභාවෙි වසරක ආදායම බිලියන 30යි. ඒක ජනතාව වෙනුවෙන් වෙන් කළා නම් අද කොළඹ මෙහෙම තියෙන්න බැහැ. ආනන්ද, නාලන්ද, රාජකීය පාසැල් වගේම ගුරුවරු නැති, ජලය නැති, වැසිකිලි පහසුකම්වත් නැති පාසල් කොළඹ තිබෙනවා. එහෙම වුණේ කොහොමද?
ප්‍රාදේශීය මට්ටමෙි ගැටලුවල වැඩි වගකීමක් තිබෙන්නේ පලාත් පාලන ආයතන වලට, ඒ ආයතනවලට අදාල වගකීම් වෙනුවෙන් වැඩ කරන්න බැරිනම් අපි කොහොමද අලුත් රටක් නිර්මාණය කරන්නේ.

අද රජයේ වැඩපිළිවෙල සමග රටේ ආර්ථිකය වර්ධනය වෙන්න පටන් අරන් තිබෙනවා. සංචාරකයින් මේ රටට එන්න පටන් අරන් තිබෙනවා. රටේ සංවර්ධනයන් ආරම්භ කරමින් යනවා, තව කරන්න වැඩ රාශියක් තිබෙනවා. ජාතික වශයෙන් කරන සැලසුම් බිම් මට්ටමේ යථාර්ථයක් කරන්න නම් නගරසභා ඇතුළු පළාත් පාලන ආයතන වෙනුවෙන් නිවැරදි නායකත්වයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

Post Views: 25
Previous Post

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව

Next Post

පාප් වහන්සේගේ අවසන් කැමැත්ත

Editor TTV News

Editor TTV News

Next Post
පාප් වහන්සේගේ අවසන් කැමැත්ත

පාප් වහන්සේගේ අවසන් කැමැත්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved