අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.
අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටින්නේ යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බවත් ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.