ජනාධිපති අනුර කුමාර දිසායානය මහතා ජනාධිපතිවරණයෙන් පසු ලබා දුන් පොරොන්දු කෙතරම් දුරට ඉටුකර ඇති දැයි බැලීම සදහා වෙරිටේ රිසර්ච් ආයතනය මගින් ‘අනුර මීටරය’ ජනගත කෙරුණා.
අනුර මීටරය යනු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත මෙවලමකි.
මෙම මෙවලම සදහා ප්‍රධාන මූලාශ්‍ර තුනකින් තොරතුරු එකතු කරනු ඇති බව වේරිටේ රිසර්ච් ආයතනය පවසා සිටියා.
ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදුන් පොරොන්දු අතරින්, තෝරාගත් පොරොන්දු 22ක ප්‍රගතිය මනින වේදිකාවක් වෙරිටේ රිසර්ච් ආයතනය යටතේ පවතින Manthri.lk වෙබ් අඩවියෙන් මෙය දැක බලාගත හැකි බව එම ආයතනය පවසනවා.