ශ්‍රී ලංකා ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහන ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, 2022 ඔක්තෝබර් 23 සිට 2025 ජුනි 30 දක්වා කාලය තුළ ගුරු සේවයේ 1 වන ශ්‍රේණියට උසස්වීම් ලද ගුරුවරුන් කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කෙරෙන අතර, අදාළ කඩඉම ඉදිරි උසස්වීමක් ලැබීමට පෙර සම්පූර්ණ කළ යුතු වේ. එසේම, පූර්ව ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම ඊළඟ උසස්වීම් දිනට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස්වීම් ලැබූ නිලධාරීන් එම කඩඉම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමටත්, නිශ්චිත ගැසට් නිවේදන මඟින් දක්වා ඇති කාලසීමාවන් තුළ ශ්‍රේණි උසස්වීම් යෙදෙන නිලධාරීන්ට මොඩියුල හෝ විභාග සම්පූර්ණ කිරීම නොසලකා උසස්වීම් ලබා දීමටත් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වන අධ්‍යාපන චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.














