දේශීය ගොවියන්ගේ ආදායම ආරක්ෂා කිරීමේ අරමුණින් රජය ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ මෙම බදු සංශෝධනය ඊයේ දිනයේ අගෝස්තු 26 සිට මාස 03ක කාලයක් බලපැවැත්වෙන බවයි.
ඒ අනුව,
ආනයනික අර්තාපල් – කිලෝග්‍රෑමයකට රු. 60 සිට රු. 80 දක්වා ඉහළ දමා තිබෙනවා.
ආනයනික බොම්බයි ලූනු – කිලෝග්‍රෑමයකට රු. 10 සිට රු. 50 දක්වා වැඩි කර තිබෙනවා.