කොළඹ මල් පාර රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන කාර්යාලයේ අද (27) දින එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් එක්ව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වුවා.
එහි දී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියේ පසුගිය සතිය ශ්‍රී ලංකාවට ඓතිහාසික කළු පැල්ලමක් එල්ල වූ කාල පරිච්ඡේදයක් බවය.
ඔහු පැවසුවේ මේ හේතුවෙන් ඊයේ දිනයේ (26) දී ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙන බව.
ට්විටර් පණිවිඩය
“ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව විසින් එහි කලක් එහි උපසභාපති වරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය දැඩි කණස්සල්ල පලකොට තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය සීඝ්‍ර පිරිහීමක් දක්නට ලැබිනි. එබැවින් නිසි අධීක්ෂණයක් යටතේ ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව බන්ධනාගර රැඳවුමෙන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා“
එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ,
මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව සමාජ මාධ්‍යවල නොයෙක් අය විවිධ අදහස් ප්‍රකාශයට පත් කරනවා. මං හිතන්නෙ එතුමාගේ ජීවිතය එතුමා කළමනාකාරීත්වය කරගෙන තිබෙන්නේම යම්කිසි රටාවකට. එතකොට ඒ රටාව සමහර ව්‍යායාම තුළින් වෙන්න පුලුවන්, නියමිත වෙලාවට ආහාර ගන්නවා වෙන්න පුලුවන්. දවල් 12.30 ට මල් පාරේ වැඩ කරනවා වෙන්න පුලුවන්, පැය 2 ක් ආපසු විවේක ගන්නවා වෙන්න පුලුවන්. නැවත ආපසු 03 ට පටන් අරන් රෑ 10 ට වැඩ අවසන් කරනවා වෙන්න පුලුවන්. මෙන්න මේ ආකාරයට තමයි එතුමා එදිනෙදා වැඩකටයුතු වල නිරත වුණේ. මේ අවස්ථාවේදී එතුමාගේ ඒ රටාවට බරපතල පීඩනයක් දීලා එතුමාගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කළා.
ඒ වගේම තවත් සුවිශේෂී කරුණක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අරගෙන ගියෙත් එතුමාගේ පරම්පරාවට, එහෙමත් නැතිනම් එතුමාගේ මිත්තණියට අයිතිව තිබුණු අක්කර 43 ක වැලිකඩ බන්ධනාගාර භූමියට.
ඉතින් මේ ස්ථානයට අයිතිකරුවන් වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුලු ඒ පවුලේ සාමාජිකයන්. එතකොට ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. වැලිකඩ බන්ධනාගාරය පිහිටි පත්තිරු සටහන් මගේ ලඟ තිබෙනවා, එයින් පිටපතක් මාධ්‍යයට ලබා දෙන්නම්. එතකොට මාධ්‍යයටත් ශ්‍රී ලාංකික මහජනතාවටත් දැනගන්න පුලුවන් එවැනි පරපුරක සාමාජිකයෙකුට සිදුවූ මහා ඛේදජනක හැසිරීමක් හැටියටයි මා මේ අවස්තාව දකින්නේ.
අවසන් වශයෙන් එකක් කියන්න කැමතියි, ඇත්තටම ශ්‍රී ලාංකික සමස්ත දේශපාලන පක්ෂ, සියලු බලවේග, සමස්ත නීතීඥ ප්‍රජාව, සියලුම වෛද්‍ය කණ්ඩායම් එතුමා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අවසානයේ එතුමාට ඇප තැබීම සඳහා වෛද්‍යවරුන් නිවාඩු දාලා උසාවි භූමියෙන් වතුර එකක් හෝ නොබී රැඳී සිටියා, අපියි එතුමාට ඇප වලට අත්සන් කරන්නෙ කියලා. වෛද්‍යවරුන්මයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඇප අත්සන් කළේ. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවුන සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපේ පක්ෂයේ ගෞරවයත්, ස්තූතියත් මේ අවස්ථාවේදී අපි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පුද කර සිටිනවා.