• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිකඩ බන්ධනාගාර ඉඩමත් රනිල්ගේ – ලංකා ඉතිහාසයේ නොදත් තතු

28 August 2025
in දේශීය, පුවත්, විශේෂාංග, වෙනත්
වැලිකඩ බන්ධනාගාර ඉඩමත් රනිල්ගේ – ලංකා ඉතිහාසයේ නොදත් තතු
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (26) දිනයේ දී අධිකරණය විසින් ඇප ලබා දීම සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අද දින එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සැකකරුවකු ලෙස බන්ධනාගාර ගත කිරීමට තෝරාගෙන තිබූ වැලිකඩ බන්ධනාගාරය සම්බන්ධයෙන් එජාප සභාපති වජිර අබේවර්ධන අපූර්ව කතාන්දරයක් හෙළි කර තිබිණි.

ඒ අනුව මෙම බන්ධනාගාරය පිහිටි ඉඩමත් රනිල් වික්‍රමසිංහ ගේ මවු පාර්ශ්වයට අයත්ව තිබී පසුව රජයට පවරනු ලැබු ඉඩමක් බව පවසා සිටීයේය.

”රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අරගෙන ගියෙත් එතුමාගේ පරම්පරාවට, එහෙමත් නැතිනම් එතුමාගේ මිත්තණියට අයිතිව තිබුණු අක්කර 43 ක වැලිකඩ බන්ධනාගාර භූමියට.
ඉතින් මේ ස්ථානයට අයිතිකරුවන් වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුලු ඒ පවුලේ සාමාජිකයන්. එතකොට ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. වැලිකඩ බන්ධනාගාරය පිහිටි පත්තිරු සටහන් මගේ ලඟ තිබෙනවා, එයින් පිටපතක් මාධ්‍යයට ලබා දෙන්නම්. එතකොට මාධ්‍යයටත් ශ්‍රී ලාංකික මහජනතාවටත් දැනගන්න පුලුවන් එවැනි පරපුරක සාමාජිකයෙකුට සිදුවූ මහා ඛේදජනක හැසිරීමක් හැටියටයි මා මේ අවස්තාව දකින්නේ…”

වජිර අබේවර්ධනට මහතා දුන් තොරතුරු ඔස්සේ සොයා බලන විට මේ දැවැන්ත දානපති රාජකීය පරපුරේ තවත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි විය.

 

රනිල්ගේ සම්බන්ධය

වැලිකඩ ඉඩමට රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය ඇති වන්නේ, ඔහුගේ මව වන නාලනී වික්‍රමසිංහ නොහොත් නාලනී විජේවර්‌ධන මහත්මියගේ පරපුරෙනි. නාලනී වික්‍රමසිංහ මහත්මියගේ පියා ඩී.ආර්.විජේවර්ධනය. ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘවරයා වන්නෙත් ඔහුය.

මේ ඩී.ආර්.විජේවර්ධනගේ පියා වන තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධන ට මෙම වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩමේ හිමිව තිබිණි.

පිලිප් විජේවර්ධනට මෙම ඉඩමේ අයිතිය හිමි වන්නේ, වැවගේ අර්‌නෝලිස් ඩෙෆ් සහ හේන්ඩික් ඩෙෆ් දෙපල ගේ දුව වන, වැවගේ හේලේනා ඩෙෆ් විවාහ කරගැනීමෙන් පසුවය. ඒ අනුව මෙම ඉඩමේ මුල් අයිතිය හිමිව තිබුණේ පිලිප් විජේවර්ධනගේ මාමණ්ඩිය වූ වැවගේ අර්‌නෝලිස් ඩෙෆ් ටය. වැවගේ අර්‌නෝලිස් ඩෙෆ් යනු එවකට මෙරට සිටි තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකි.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පිහිටි ලේක්හවුස් ගොඩනැඟිල්ල සහ ඉඩම ද මෙම පවුලේ දේපොළක් වූ අතර එම ගොඩනැගිල්ලට ලේක්හවුස් (LAKE HOUSE) යන නාමය පටබැඳුනේ එම පරපුරේ ‘වැවගේ ‘ යන නාමය අනුව බවත් පැවැසේ. එවකට අග්නිදිග ආසියාවේ විශාලතම පුවත්පත් සමාගම වූයේ මෙයයි.

රනිල් ගේ මීමුත්තා

රනිල් වික්‍රමසිංහ මහතාගේ මීමුත්තකු වූ තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධනය යනු මෙරට සිටි විශාලතම ඉඩම් හිමියකු සහ ධන කුවේරයෙකු ලෙස හදුන්වන මහා පරිමාණ ව්‍යාපාරිකයෙකි. එවකට ඉඩම් හිමිකාරිත්වය අතින් ඔහුට ඉදිරියෙන් සිටියේ හෙන්රි සොයිසා සහ මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායකය යන මහා ඉඩම් හිමියන් දෙදෙනා පමණි.

පිලිප් විජේවර්ධනගේ වත්කම නිසාම එවකට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඔහුට ‘ශ්‍රී විජයවර්ධන’ යන ගරු නම්බු සහිත කෝරළේ මුදලි තානාන්තරයක් ප්‍රදානය කර තිබේ. පිලිප් ගේ භාර්යාව වූ වෑවගේ දෝන හෙලේනා විජේවර්ධන ළමාතැනී යනු මෙරට බොදු ඉතිහාසයේ නොමැකෙන සළකුණු තැබු කාන්තාවකි.

කැළණි විහාරය ගැන කියවන්නේ යම් සේද ඒ හා බැඳුනු අනෙක් නාමය වන්නේ පිලිප් විජේවර්ධන සහ හෙලේනා විජේවර්ධන නාමයන්ය.

ලංකාවේ පළමු විධායක ජනපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාද මේ දොන් පිලිප් විජේවර්ධනගේ මුනුබුරකු වේ.

එමෙන්ම මේ තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධන ගේ මුල් පරම්පරාව ඉන්දියාවේ රාජකීය පරපුරකින් පැවතෙන්නෙකි.

කෝට්ටේ රාජධානී සමයේ දී එක් අවස්ථාවක මෙරට රජ කරවීම සඳහා රාජකීය උරුමයක් සහිත කුමරකු නොවීම මත ඉන්දියාවේ සිට මෙරට ඊට සුදුසු කුමරෙකු සොලී රටෙන් ගෙන්වාගෙන තිබේ. නමුත් ඔහුට රජ කම නොලැබුණ නමුත් ඔහුගේ පරපුරට කළුතර ප්‍රදේශය නින්දගම් ලැබුණු බව කියැවේ.

තුඩුගල පරපුර

මෙම පරපුර පසු කාලයේදී තුඩුගල රජ පරපුර නමින් ප්‍රකට වූ අතර තෙන්නකෝන් බණ්ඩාරවලිය ලෙසත් තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය ලෙසත් පිළිගන්නේ මෙම පරපුරයි.

කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුනේ සහ රයිගම් නින්දගම් ලත් මුල්ම තැනැත්තා තින්තාඩු මුඩිත්ත තෙන්නකෝන් පෙරුමාල් බව ඉතිහාසයේ සඳහන් වේ. බණ්ඩාරවලිය ට අනුව ඔහුට දෙවුන්දර දේවාලයේ නිත්‍ය භාරකාරීත්වය පවරන ලද බව ද කියැවේ. ඔහු හය වන පරාක්‍රමබාහු රජුගේ මස්සිනා බවත් කියැවෙන අතර කෝට්ටේ චිත්‍රකූඨ මළුවේදී එම පරපුර ට තුඩුගල විසිදාගම ගම් පිරිනැමූ බව සඳහන්වේ.

පසු කාලීනව තුඩුගලගේ පරපුර බෞතීස්ම ලබා තුඩුගලගේ දොන් තෙන්නකෝන් සේනාරත්න ලෙසින් පැවත ආ අතර පවුල් සංස්ථා බෙදී යෑම මත විශාල පවුල් ගසක් නිර්මාණය වී තිබේ. ඉන් එක් ප්‍රබලම ශාඛාවක් වූයේ ‘විජේවර්ධන’ නම්බුනාම ලත් කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි සේදවත්තේ වලව්වේ පිරිසයි. ‘සේනාරත්න’ නම්බුනාම ලත් පිරිස පනාපිටිය වලව්වේය.

තුඩුගල පරපුරේ මෑත කාලීන සුවිශාල නැගීම සිදු වූයේ මේ සේදවත්තේ වලව්වේ තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධන සමයේ දීය.

 

ලොකුම පවුල් ගහ

මෙම විජයවර්ධන පරපුර හා බැඳුණු තවත් පරම්පරා කිහිපයක් තිබේ. ප්‍රධාන පෙළේ ධනවතකු වූ ඩී.සී.ජී. ආටිගල ගේ දියණියන් තිදෙනාගේ විවාහවලින් මෙම පරපුර කිහිපයේ සබඳතාවන් බිහි විය.

ආටිගල ගේ ලොකු දුව ඇලිස් විවාහ වූයේ හිටපු අගමැති ජෝන් කොතලාවල ගේ පියා වූ ජේ.එම්. කොතලාවල සමගය. දෙවන දුව ලීනා විවාහ වූයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ පියාගේ සහෝදරයා වූ ටී.ඩබ්ලිව්. ජයවර්ධන සමගය. බාල දියණිය වූ ඇලන් ආටිගල විවාහ වූයේ අගමැති ඩී.එස්. සේනානායකගේ සහෝදරයා වූ එෆ්.ආර්. සේනානායක සමගය.

ඊට අමතරව දොන් පිලිප් විජේවර්ධනගේ දියණියක වූ ඇග්නස් විජේවර්ධන විවාහ වූයේ හිටපු ජනාධිපති ජේ.ආර්.ගේ පියා වූ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන සමඟය.

පිලිප් විජේවර්ධනගේ පුතා වූ ඩී.ආර්. විජේවර්ධන උඩරට ප්‍රමුඛ පවුලක් වූ ජේ.එම්. මීදෙණිය අදිකාරම්ගේ දියණිය වූ රූබි මීදෙණිය සමගද, එෆ්.ආර්. සේනානායකගේ සහෝදරයන් දෙදෙනකු වූ ඩී.එස්. සේනානායක හා ඩී.සී. සේනානායක උඩරට පවුලකට අයත් ආර්.එම්. දුනුවිලගේ දියණියන් දෙදෙනා සමග ද විවාහවූහ.

පසුව ඩී.ආර්. විජේවර්ධනගේ දියණියක වන නාලනී විජේවර්ධන විවාහ වූයේ අධිනීතිඥයකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ සමගය. රනිල් වික්‍රමසිංහ මහතා එම දෙපළගේ පුත්‍රයාය.

එමෙන්ම ඩී ආර්. විජේවර්ධන මහතාගේ පුත්‍රයෙකු වන රංජිත් විජේවර්ධන මහතා ( විජය පුවත්පත් සමාගමේ හිමිකරු) විවාහ වූයේ ඩී.එස්. සේනානායකගේ පුත්‍රයා වන රොබට් සේනානායක මහතාගේ දියණිය වූ රන්ජනී සේනානායක සමග වූ අතර එම විවාහය ජයවර්ධන හා කොතලාවල පවුල් එකට ඒකරාශී කළ වැදගත් පුරුකක් විය.

කොහොම නමුත් මේ දැවැන්ත පවුල් ගසේ බොහෝ දෙනා විදේශගත අධ්‍යාපනය ලද උගතුන්, පාරම්පරික ඉඩම් හිමි වැවිලි කරුවන්, ව්‍යාපාරිකයන්, කර්මාන්ත කරුවන් සහ මහා දානපතියන් වූ අතර දේශපාලනයටද දැඩිව සම්බන්ධ විය.

වැලිකඩ බන්ධනාගාර සහිත අක්කර 40 කට වැඩි ඉඩමේ හිමිකරුවා වූ පිලිප් විජයවර්ධන, එවකට ලී මෝල් තිබුණු අතර දැව හා ගඩොල් සැපයුම්කරුවෙකු ද විය. ඔහුගේ ලී මෝල කැලණි ගඟ අසල පිහිටි තිබු අතර ඒ යුගයේ කොළඹ නගරයේ ඇතිවී තිබු ඉදිකිරීම් සංවර්ධනය නිසා ඔහුට ඉතා ඉහළ ධනවතකු බවට පත් වීමේ හැකියාව ලැබිණි.

කොහොම නමුත් මේ පරපුරේ ඉතිහාසය තුළ තමන්ගේ ඉඩකඩම් දේපොළ අති විශාල ප්‍රමාණයක් රජයට පැවරීම සහ සමාජ සේවාවන් වෙනුවෙන් යෙදවීම සිදුව තිබේ.

 welikada1

පරම්පරාවක උරුමය

ඒ අනුව යමින් මේ දැවැන්ත පරපුරේ වර්තමානයේ වැදගත්ම පුරක වන හිටපු ජනාධිපති රනිල් විත්‍රමසිංහත් තමන්ගේ දේපොළ වත්කම් සියල්ල ම පාහේ මේ වන විටත් රටේ යහපත වෙනුවෙන් වෙන් කර තිබේ.

ඔහුගේ අගනා පුස්තකාලය සහිත පුද්ගලික නිවහන ඔහු ඉගෙන ගත් රාජකීය විදුහලට පැවරීම මීට බොහෝ කලකට පෙර සිදුව තිබිණි. නමුත් අරගල සමයේ දී එම නිවස සහ පුස්තකාලය ගිනි තබා විනාශ කෙරුණි. නමුත් යළි නිවස ගොඩ නඟා පාසලට පැවරීමට කටයුතු කර ඇත.

අනෙක් විශේෂම කාරණය වන්නේ අරගලකරුවන් විසින් නිවාස දේපොළ විනාශ කිරීම නිසා එම වින්දිතයින්ට රජය කෝටි ගනනින් වන්ද ගෙවීම් සිදු කළද රනිල් වික්‍රමසිංහ මහතා සතපහකවත් වන්දියක් ලබා ගත්තේ ද නැත. ඔහුගේ පෞද්ගලික ධනයෙන් නිවස නැවත ගොඩ නැඟුවේය.

තවත් වැදගත් කාරණයක් නම් වික්‍රමසිංහ මහතා කිසි දිනෙක තමන්ගේ පාර්ලිමේන්තු වැටුප හෝ ඇමැතිවරයතු අගමැතිවරයකු සහ ජනාධිපතිවරයකු ලෙස හිමි වුණ වැටුප් හා දීමනා කිසිවක් හෝ සිය පෞද්ගලික පරිභෝජනයට ලබා ගෙන නොමැති වීමය. ඒ සියල්ලත් ළමා නිවාස ගනනාවක් සඳහා පරිත්‍යාග කර තිබේ.

තමන්ගේ ඉඩ කඩම් දේපොල වත්කම් සහ වැටුප් පවා මේ රටේ මහජනතාව වෙනුවෙන් පවරා දුන්න මිනිසෙක්, ජනතාවගේ දේ, රජයේ දේ කොල්ල කෑමට කටයුතු කරයි ද? තමන්ගේ පෞද්ගලික සුඛ විහරණයට රාජ්‍ය මුදල් දේපොළ අයතා ලෙස පාවිච්චි කළා යැයි සිහි බුද්ධිය ඇති අයෙකුට කල්පනා කළ හැකි ද?

කිසිසේත් නොහැකිය.

නමුත් මජර තුට්ටු දෙකේ පහත් දේශපාලනය කණ්ඩායම් වල කෙලවරක් නැති මඩ අවලාද ඉවසා දරාගෙන මේ මොහොතෙත් ඔහු පෙනී සිටින්නේ මේ රට ගොඩනැඟීම වෙනුවෙන් තමන්ට කළ හැකි කාර්යභාරය ඉටු කිරීම වෙනුවෙන් බවට සැකයක් නැත.

මේ පරපුරේ හැටි එහෙමය.

– ජයතුංග බණ්ඩාර

Post Views: 27
Previous Post

පාතාලය කොටු වෙද්දී පොලිස් ලොක්කෝ මාධ්‍ය හමුවක

Next Post

තුසිත හල්ලොලුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
තුසිත හල්ලොලුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

තුසිත හල්ලොලුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුර ගෝ ගම දැන් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා

අනුර ගෝ ගම දැන් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා

28 August 2025
තුසිත හල්ලොලුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

තුසිත හල්ලොලුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

28 August 2025
වැලිකඩ බන්ධනාගාර ඉඩමත් රනිල්ගේ – ලංකා ඉතිහාසයේ නොදත් තතු

වැලිකඩ බන්ධනාගාර ඉඩමත් රනිල්ගේ – ලංකා ඉතිහාසයේ නොදත් තතු

28 August 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

පාතාලය කොටු වෙද්දී පොලිස් ලොක්කෝ මාධ්‍ය හමුවක

28 August 2025

Recent News

අනුර ගෝ ගම දැන් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා

අනුර ගෝ ගම දැන් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා

28 August 2025
තුසිත හල්ලොලුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

තුසිත හල්ලොලුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

28 August 2025
වැලිකඩ බන්ධනාගාර ඉඩමත් රනිල්ගේ – ලංකා ඉතිහාසයේ නොදත් තතු

වැලිකඩ බන්ධනාගාර ඉඩමත් රනිල්ගේ – ලංකා ඉතිහාසයේ නොදත් තතු

28 August 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

පාතාලය කොටු වෙද්දී පොලිස් ලොක්කෝ මාධ්‍ය හමුවක

28 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුර ගෝ ගම දැන් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා

අනුර ගෝ ගම දැන් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා

28 August 2025
තුසිත හල්ලොලුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

තුසිත හල්ලොලුව තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

28 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved