15 දෙනෙකුට දිවි අහිමි කරමින් පසුගිය 04 වනදා ඇල්ල වැල්ලවාය ප්‍රපාතයට පෙරළීමෙන් සිදු වූ අනතුරට අයත් බසයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට ලද චෝදනා මතයි මෙලෙස බස් හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මියගොස් තිබුණා.