පොලිස් රථ වාහන නිලධාරින් සඳහා සිරුරේ පැළදිය හැකි ආකාරයේ කැමරා ලබා දීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
පොලිස්පතිවරයාගේ සංකල්පයක් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරිමය වගකීම තහවුරු කිරීම සහ දූෂණය වළක්වමින් විනිවිදභාවයෙන් යුක්තව රාජකාරිය කිරීමට අවකාශය සැලසීම වෙනුවෙන් රථවාහන රාජකාරියේ යෙදී ඉන්න සියලු ම පොලිස් නිලධාරීන්ට මේ කැමරා ලබා දීමේ අරමුණ වන බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ,
”සමහර වෙලාවට පොලිස් නිලධාරියා හරි වෙන්න පුළුවන්, රියැදුරා වැරදි වෙන්න පුළුවන්, රියැදුරා හරි ගිහින් නිලධාරියා වැරදි වෙන්න පුළුවන්. ඒ වගේ ම නිලධාරීන් අතින් සිදුවන වැරදිත් මෙම කැමරාවල පටිගත වීම හරහා සියලු දෙනාගේ වගවීම තහවුරු වනවා,” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිළි කළේ ය.