පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද ආරම්භ කෙරුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
නවීකරණ කටයුතු සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 425ක්.
නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් මේ යටතේ ස්ථාපනය කිරීමට නියමිතයි.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිකර ඇත්තේ 1964 වසරේදී.
එය මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වන්නේ වසර 60කට පමණ පසුවයි.
මේ වනවිට දෛනිකව බස් ගමන් වාර සංඛ්‍යාව 1500කට අධික සංඛ්‍යාවක් මධ්‍යම බස් නැවතුම්පොළ හරහා ගමන් ආරම්භ කරනවා.
මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු නිමවීමත් සමඟ මගීන්ට සුවපහසු ගමනන්තයක් කරා යාමේ පහසුකම හිමිවනු ඇති.
මෙය “Clean Sri Lanka” වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවෙනවා.
සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අවසන් කිරීමට නියමිතයි