ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (16) තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.
විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසා බැලීමට පැමිණි බව සඳහන්
මෙහිදී අදහස් දැක්වූ විමල් විරවංශ මහතා;
“හිටපු ජනාධිපතිවරු ඔක්කොම සම්බන්ධයෙන් කෙසේ වෙතත් රට වෙනුවෙන් අවදානම ගත්තු ජනාධිපතිවරයකු ගැන සොයා බැලීම, එතුමාගේ සුවදුක් විමසීම අපේ යුතුකමක් හා වගකීමක්. අපට මොන මතබේද තිබුණත් මොන විග්‍රහ තිබුණත් ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ.
අද අනුර දිසානායක ජනාධිපතිතුමා යාපනයේ යන්නේ කච්චතිවු දූපතට ගිහිල්ලා කනපති විජේ එක්ක සංවාදයක යෙදෙන්න පුළුවන් වුණෙත් මහින්ද ජනපතිවරයා අවදානම අරන් තීරණ ගත්ත නිසා. අද රටේ හිටපු නාවික හමුදාපතිවරයෙක් හිරේ.
තවත් නාවික නිළධාරින් බුද්ධි අංශ නිළධාරින් නඩු හබ පටලවා අත්අඩංගුවට ගන්න නියමිතයි. එහෙම රටක කිසිම ජනාධිපතිවරයෙක් නැවත තමන් අවදානමට පත්වෙන තීරණයක් අනාගතයෙදි ගන්න එකක් නැහැ. මේ විදියට වෙන්න ඕන කාටද ? රටක රාජ්‍ය නායකයෙක් තමන්ගේ ජීවිත අවදානම ඇතිව රට වෙනුවෙන් තීරණ ගන්නෙ නැතිවුනොත් අනාගතයෙදි ඒකෙන් වාසි වෙන්නේ කාටද ? රටට හතුරු බලවේග වලට රට බෙදන්න හරි කඩන්න හරි ගිලගන්න බලන් ඉන්න කණ්ඩායමකට.
වත්මන් ආණ්ඩුව මතුපිටින් පෙන්වනවා ශතේ ශතේ ඉතිරි කරනවා කියලා .ඒකෙ ප්‍රතිලාභ මහ ජනතාවට ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ . විපක්ෂයේ පක්ෂ එකමුතු වෙලා හදන දේශපාලන සංධානයක් ගැන සාකච්ඡාවක් තවම නැහැ . නමුත් අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ හැසිරීම් ගැන යම් යම් ක්‍රියාමාර්ග වල ඉන්නවා .
විපක්ෂයේ සංධානයක් හැදෙනවා නම් ආණ්ඩුව තමයි එය සිද්ධ කරන්නේ . ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් හැටියට රටත් ජන සමාජයත් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතේ තිබුණු වැල් පාලමේ තමයි ඊටත් වඩා දරුණු විදියට මේ ගොල්ලො යන්නේ.
විදුලිබල මණ්ඩල පණත පුළුස්සා දමලා අද එය ක්‍රියාත්මක කරනවා .විදුලිබල මණ්ඩලය කෑලි හතරකට කඩලා තියෙනවා . රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කරන්න හදනවා .අද බැංකු සේවකයින් මහපාරට බැහැලා තියෙනවා . ජිනීවා ගිහින් මොන ලොකු කතා කිව්වත් දේශීය යාන්ත්‍රණයක් මගින් මේ රටේ ආරක්ෂක හමුදා බිලිගන්න ලෑස්ති වෙනවා . මේ ක්‍රියාත්මක වෙන්නේ රටේ න්‍යාය පත්‍රයක් නෙවෙයි . එනිසා අපි එයට විරුද්ධව සමාජ බලවේගයක් ගොඩ නගන්න පුළුවන් වෙර යොදා කටයුතු කරනවා’’