මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් නැවත ආරම්භ කිරීම අද සිදු විය.
මෙම කොටසේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන මෙම කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය සහ තවත් විවිධ තත්ත්වයන් හේතුවෙන් මේම කොටසේ ඉදිකිරීම් කටයුතු 2022 වැද භාාගයේ දී අත් හිටවනු ලැබුවේය.
කිලෝ මීටර් 168.7ක දුරකින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2016 වසරේදී ආරම්භ වූ අතර එය අදියර 4ක් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබුණි .
ඒ අනුව එහි පළමුවැනි අදියර කඩවත සිට මීරිගම දක්වා ද, දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා ද වන අතර තෙවැනි අදියර පොතුහැර සිට ගලගෙදර දක්වාත් සිව්වැනි අදියර ලෙස කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසත් ඉදිකිරීමට නියමිතය.
ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා මහා භාණ්ඩාගාර අරමුදල් සහ චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබේ.
මෙම ඉදිකිරීම් කටයුතු 2028 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර ඇත.