ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස පාකිස්ථාන කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්ථානයට ආරාධනා කළ අතර, පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.
පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Fakhar Zaman ලකුණු 50 ක් හා Shaheen Shah Afridi නොදැවී ලකුණු 29 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් Junaid Siddique කඩුලු 04 ක් හා Simranjeet Singh කඩුලු 03 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 17.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 105 ක් පමණයි.
පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Shaheen Shah Afridi, Haris Rauf, සහ Abrar Ahmed කඩුලු 02 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව, A කාණ්ඩය වෙනුවෙන් ඉන්දියාව සමග Super4 වටයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානය සමත් වුනා.