වසර පහකට පමණ පසු පුත්තලමේ වාර්තාගත ලෙස ලුණු අස්වැන්නක් ලැබී ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසනවා.
ලුණු වගාකරුවෝ පවසන්නේ මේ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවිය හැකි මට්ටමක පවතින බවයි.
පසුගිය වසර ගණනාවක නොකඩවා ඇද හැළුන මහ වැසි සමග පුත්තලම ලුණු නිෂ්පාදනය නැවතී තිබුණා.
මෙවන් හේතුසාධක නිසා ලුණු තොග ඉන්දියවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ආනයනය කිරීමට ද සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසූ දාහකට ආසන්නවේ.