තෝරාගත් බස් ඩිපෝ 25 ක් සංවර්ධනය කිරීම අද (19) ආරම්භ වනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මූල්‍ය හා මෙහෙයුම් කාර්ය සාධනය ශක්තිමත් කිරීම, සේවා ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා මගී සුව පහසුව වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි
අත්හැර දැමූ ග්‍රාමීය ප්‍රවාහන සේවාවන් නැවත ආරම්භ කිරීම, බස් රථවල මනා නඩත්තුව සහ විශ්වාසනීයත්වය සහතික කිරීම යනාදියද එහිදී සිදු කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ