මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකක තුනෙන් එක් ඒකකයක් වසා දමා තිබෙනවා.
ඒ වෛද්‍යවරු හිඟවීම හේතුවෙන්.
මේ නිසා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙන බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.
මෙම දැඩි සත්කාර ඒකකය කොවිඩ් වසංගතය පැවති සමයේ ආරම්භ කර ඇති අතර, එකවර රෝගීන් සිව් දෙනෙකුට ප්‍රතිකාර කළ හැකියි
මෙම ඒකකයේ ඇඳන් 4ක්, කෘතිම ස්වසන යන්ත්‍ර (ventilators) 3ක්, ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් උපකරණ තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
වාර්තාවලට අනුව, එක් ඇඳක වටිනාකම රුපියල් ලක්ෂ 15ක් වන අතර, එක් කෘතිම ස්වසන යන්ත්‍රයක් රුපියල් කෝටි දෙකකට වඩා වැඩි වටිනාකමක් දරයි.
රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ, දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාමට අවශ්‍ය සෙසු කාර්ය මණ්ඩලය රෝහලේ සිටියත්, වෛද්‍යවරුන්ගේ හිඟය නිසා එය වසා දමා ඇති බවයි.
එමනිසා, මේ පිළිබඳව කඩිනමින් රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
මේ පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මෙලෙස පැහැදිලි කළේය.
“එම දැඩි සත්කාර ඒකකය සම්පූර්ණයෙන්ම වසා දමා නැහැ. රෝහලේ අවශ්‍ය තරම් වෛද්‍යවරුන් නැති නිසා, එම ඒකකයට බරපතළ තත්ත්වයේ සිටින රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ වෙනුවට, මධ්‍යස්ථ මට්ටමේ රෝගීන් පමණක් එම ඒකකයට ඇතුළත් කරනවා. වෛද්‍යවරුන්ගේ හිඟය නිසා අපට මෙම තීරණය ගැනීමට සිදුවුණා.”